Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Tuesday, September 8, 2020

පොලිස් නිළ සුනඛ වෙන්දේසිය නවතී

මින් ඉදිරියට පොලිස් නිළ සුනඛ වෙන්දේසි නතර කිරීමට තීරණය කර තිබෙනවා.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත ඊට අදාළ උපදෙස් ලබාදී ඇති බවටයි වාර්තා වන්නේ.

පොලිස් නිල සුනඛ කොට්ඨාශයට අයත් සේවයෙන් ඉවත් කළ සුනඛයින් වෙන්දේසියක් පසුගිය මස 15 වන දා  මහනුවර දී පැවැත්වුණා.

එහිදී වයස අවුරුදු 10 ඉක්ම වූ නිල සුනඛයින් 25 දෙනෙකු වෙන්දේසි වී තිබුණා.

එහිදී සමාජ මාධ්‍යයේ ඒ පිළිබදව කතාබහට ලක්වූ අතර, ඊට දැඩි විරෝධයක් ද එල්ල වුණා.

කෙසේ වෙතත්, මින් ඉදිරියට එලෙස සේවයෙන් ඉවත් කළ සුනඛයින් වෙන්දේසි නොකරන ලෙසටත් එම සතුන්ට සුදුසු පරිදි පහසුකම් ලබාදී පොලිස් නිළ සුනඛ කොට්ඨාශය විසින් රැක බලා ගැනීම සිදුකළ යුතු බවට ද ආරක්ෂක ලේකම්වරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad