Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad


Thursday, May 7, 2020

වැරදි මොනවද හරි මොනවද මම දන්නවා - සුදේව

Sudewa Hettiarachchi, gossiplanka

රැකියාවක නියැළෙන තැනැත්තෙකු ආයතන මාරු කිරීම අරුමයක් වන්නේ නැත. මාධ්ය ක්ෂේත‍්‍රයටද එකී කාරණය පොදුය. පත්තර හෝ වේවා, ගුවන්විදුලි, රූපවාහිනී යන විද්‍යුත් මාධ්‍යවල හෝ සේවය කරන්නන් අද තව තැනක හෙට තවත් තැනක ඉඳිනු දැකිය හැකිය.

ඒ ඔවුනට ලැබෙන වටිනාකම අනුවය.මේ අතර රූපවාහිනී නිවේදක නිවේදිකාවන් නාළිකා අතර මාරු වුවහොත් ඒ පිළිබඳ වඩා ඉක්මනින් දැනගත හැකිවනුයේ ඔවුනගේ මුහුණු සමාජයට පෙනෙන නිසාය. කොතෙක් ඒ අන්දමේ මාරුවීම් සිදුවුණත් ඉකුත් සතියේ නිවේදකයන් දෙදෙනෙකු රූපවාහිනී නාළිකා අතර මාරුවීම බහුතරයකගේ අවධානයට පාත‍්‍ර විය.

රංගන ද සිල්වා සහ සුදේව හෙට්ටිආරච්චි එම තැනැත්තන්‍ වේ. ඔවුහූ එතෙක් සේවය කළ හිරු නාළිකාව අතහැර ස්වර්ණවාහිනයට පැමිණියෝය.ඒ පිළිබඳ අන්තර්ජාලය ඔස්සේ නොයෙක් දෙනා නොයෙක් දේ කීවෝය.ඒ අතරින් වැඩි පිරිසක් රංගනටත් සුදේවටත් මඩ ගැසුවෝය. හදිස්සියේම වුණු මාරු වීම ගැන සුදේව හෙට්ටිආරච්චිගෙන් අපි විමසීමක් කළෙමු.

සුදේව,ඔබ සහ රංගන හිරු නාළිකාවේ ලාංඡුනය හා සමානව සමාජ ගතවී සිටි මොහොතක මෙහෙම ස්වර්ණවාහිනීයට ගියේ ඇයි?
ජීවිතයයේ විවිධ අවස්ථාවල අපිට අභියෝග ලැබෙනවා.ඒවාවලට අපි ශක්තිමත්ව මුහුණ දෙන්න ඔනේ. ඒවායින් ජය ගන්න ඕනේ. ඇතැම් අභියෝග අපිට අවස්ථාවන් සකසලා දෙනවා. ඒවා ඒ ඒ මොහොත්වල්වලදි භාර ගත යුතුයි. මේ එහෙම ගත්තු තීරණයක්.

හිතට එකඟවද ඒ තීරණය ගත්තේ?
අනිවාර්යයෙන්ම. මොකද ජීවිතයේ වැදගත්ම තීන්දු තීරණ හිතට එකඟව නොගත්තොත් අපිට එතනින් ඉදිරියටත් හිතට එකඟව යන්න බැරි වෙනවා.

ඔබ දෙපොළගේ මේ මාරුවීම පිළිබඳ සමහරු දැඩිව විවේචන කළා. ඔබ දෙදෙනාට මුල මතක නැහැ කියලත් කිව්වා?
මගෙ මාධ්‍ය ජීවිතයට අවුරුදු විසි දෙකක්. මේ කාලය තුළදී මං අත්දැකීම් රාශියක් ලැබුවා. ඒ හින්දා මම දන්නවා වැරදි දේ මොනවද හරි දේ මොනවද කියලා. විවිධ අයට විවිධ දේ කියන්න පුළුවන්. මම ඒකේ වරදක් දකින්නේ නෑ.

මුහුණ පොතෙන් ඔබට එල්ල කරන මඩ හෝ අසත්‍ය ප‍්‍රකාශ ඔබට දැකගන්නට ලැබුණද?
ඇත්තම කිව්වොත් මට ඒවා බලන්න වෙලාවක් නැහැ. සමහරු කියනවා මහ පුදුම කතා මම ගැන තියනවලූ‍. කමක් නැහැ ලියන අය ලියපුවාවේ. ඒක එයාලගේ භාෂණයේ නිදහසනේ. මම දැන් වැඩ කරන්නේ මගේ නව ආයතනය එක්ක. ඒකේ දියුණුවට වැඩ කරන්නයි මගේ වෘත්තීය ජීවිතයේ වෙලාව වෙන් කරන්නේ.

කොහොමද නව ආයතනය?
හුඟක් හොදයි.හොඳ කණ්ඩායමක් අපිට ඉන්නවා. ස්වර්ණවාහිනීයේ එයැපැ එක ශ‍්‍රී ලාංකේය අභිමානය. ඒකට අනුව අපි නාළිකාව තවත් ඉහළට ඔසවා තබන්න කටයුතු කරනවා.

ස්වර්ණවාහිනීයේ ඔබේ තනතුර මොකක්ද?
ප‍්‍රධාන විධායක නිළධාරි.

දැන් නිවේදන කටයුතු සඳහා කාලය නැතුව ඇති?
තෝරාගත් වැඩසටහන් පමණක් මෙහෙයවන්න බලාපොරොත්තු වෙනවා.

ඔබේ හඬ හිරු නාළිකාව තවම භාවිතයට ගන්නවාද පැරැුණි වැඩසටහන් සඳහා?
ඒක මම දන්නේ නැහැ. බොහෝ පැරැුණි තේමා මගෙ හඬින් කියපුවා තියනවා.ඒවා නවත්වන්න කියලාවත් මම කියන්න යන්නේ නැහැ.

ප‍්‍රසාද් සමරතුංග
Source - සරසවිය

No comments:

Post a Comment

Post Bottom Ad