Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad


Tuesday, September 8, 2020

මහින්ද 2022දී දේශපාලනයෙන් විශ‍්‍රාම ගනී..?


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අගමැති මහින්ද රාජපක්ෂ මහතා එළඹෙන 2022 වසරේදී දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානමක් ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

ඉංග්‍රීසි මාධ්‍ ජාතික පුවත්පතකද මේ බව සඳහන් කර ඇත.

මහින්ද රාජපක්ෂ මහතා විශ්‍රාම යාමෙන් පසු ඔහුගේ පුරප්පාඩුව සඳහා තවත් රාජපක්ෂ වරයකු පාර්ලිමේන්තුවට පත් වනු ඇති බවත් දැනගන්නට තිබේ.

මහින්ද රාජපක්ෂ යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් වන අතර ශ්‍රී ලංකාවෙහි හයවන ජනාධිපතිවරයා ලෙසින් 2005 නොවැම්බර 19 දින සිට 2015 ජනවාරි 9 දින දක්වා තනතුරු දරා ඇත. වෘත්තියෙන් නීතිඥයෙක් වන රාජපක්ෂ මහතා පළමුවෙන් ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවට තේරී පත්වුනේ 1970 වසරෙහිදී වන අතර, 2004 අප්‍රේල් 6 දින සිට 2005 ජනාධිපතිවරණයෙහිදී ඔහුගේ ජයග්‍රහණය දක්වා අග්‍රාමාත්‍ය තනතුර හෙබවීය. ජනාධිපතිවරයා ලෙසින් ඔහුගේ පළමු සය-වසර ධූර වාරය සඳහා ඔහු දිවුරුම් දුන්නේ 2005 නොවැම්බර් 19 දිනදීය. දෙවන ධූර කාලය සඳහා ඔහු යළි-තේරී පත්වුණේ 2010 ජනවාරි 27 දිනදීය. තෙවන ධූර කාලයද සඳහා ප්‍රයත්නය දරමින් ඔහු ඉදිරිපත්වූ 2015 ජනාධිපතිවරණයෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතින් පරාජය ලැබ 2015 ජනවාරි 9 දිනදී තනතුරෙන් බැහැර විය.

තනතුර හැර ගොස් මාස කිහිපයකට පසුව, අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට රාජපක්ෂ මහතා විසින් ගත් උත්සාහය අසාර්ථක වූයේ 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජයට පත් වීමත් හා සමගිනි. ඔහු කෙසේවෙතත්, කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් තේරී පත් විය.

ඉන් අනතුරුව දැඩි වෙහෙස සහ ඔහුට ඇති ආකර්ශනියත්වය නිසාම නැවත වතාවක් ශ්‍රීලංකාවේ වැඩිම අගමැතිධූරයට පත්වූ තැනැත්තා වෙමින් 2020 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා නැවත වතාවක් අගමැති ධූරයට පත්වී වර්තමානයේ අපේ රට මෙහෙමයවමින් පවතිනවා.

No comments:

Post a Comment

Post Bottom Ad