ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයෙන් කොර්විඩ් 19 ආසාදිත කාන්තවක් හඳුනා ගැනීමත් සමඟ දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට ඊයේ (04) පැනවූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.
ඇඳිරි නීතිය නොතකමින් කටයුතුකරන පුද්ගලයින්ට දැඩි දඬුවම් පමුණුවන බවයි පොලිසිය පැවසුවේ.
කොරෝනා ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් 720ක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
මේ අතර අදාල කාන්තාවගේ දියණියට ද එම වෛරසය ආසාදනය වී ඇති බවට ද ඊයේ (04) තහවුරු වුණා.
කෙසේ වෙතත් අදාළ කාන්තාවට කොවිඩ් 19 ආසාදනය වූ මූලාශ්රයන් හඳුනා ගැනීමට මෙතෙක් හැකි වී නැහැ.
No comments:
Post a Comment