දිවුලපිටිය හා මිනුවන්ගොඩ ප්‍රදේශවල පුද්ගලයන් හා 430 ඉක්මවූ ප්‍රමාණයන් නිරෝධයට ලක් කිරීමට කටයුතු කර තිබේ.
නව කොරෝනා වෛරසය ආසාදනයවූ කාන්තාවගේ පවුලේ සාමාජිකයින් 06 දෙනාගේ PCR පරීක්ෂණ වාර්තා ප්‍රථිපල අද සවස් වන විට නිකුත් වෙනු ඇති බවට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර සිටිනවා.
මිනුවන්ගොඩ 250ක් සහ දිවුලපිටිය ප්‍රදේශයෙන් 180 වැඩි පිරිසක් මෙසේ ස්වයන් නිරෝධනයට ලක් කල බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කරයි.
එම ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදන වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
ඇය සේවය කළ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන 1600ක් පමණ පිරිසකටද කොරෝනා පරීක්ෂණයෙන් පැවැත්වීමට නියමිතය.
No comments:
Post a Comment