
නැගෙනහිර මුහුදේ ගිනි ගැනීමට ලක්ව ඇති ඉන්ධන නැවෙන් ඉන්ධන කාන්දුවීමක් වුවහොත්, සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට සියලු පියවර සූදානම් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඉන්ධන ටොන් දෙලක්ෂ හැත්තෑ දහසක් සහිත මෙම නැව ගිනිගැනීම නිසා පිපිරී ගියහොත් හෝ නැව ගිලී ගිය හොත් විශාල පාරිසරික හානියක් සිදු විය හැකියි.
විශේෂයෙන් දැවැන්ත ඉන්ධන කාන්දුවක් සිදු වුවහොත් හම්බන්තොට සිට යාපනය දක්වා වු සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර අතර ඉන්ධන උරා ගත හැකි Oil Boom යෙදීම, ඉන්ධන කාන්දුවක් සිදුවුහොත් එය තනි රටකට පාලනය කිරීම අපහසු නිසා දකුණු ආසියානු කලාපයේ සියලුම රටවල සහාය ලබා ගැනීම සඳහා මුලික පියවර ගැනීම, මෙන්ම මෙම ඉන්ධන නෞකාව අයත් සමාගම සම්බන්ධව නීතිමය පියවර ගැනීම ආදි සියලුම කටයුතු පරිසර අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරිය හා මෙම කාරණයට සම්බන්ධ සියලුම ආයතනවල මැදිහත්වීම මත ගෙන ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
දැනට තිබෙන තොරතුරු අනුව මෙම නැවේ ඇති ඉන්ධන ඉවත් කිරීම සඳහා අමතර නැවක් දැනටමත් එම ස්ථානයට පිටත් කර තිබෙන අතර ශ්‍රී ලංකා නාවික හමුදාව ගුවන් හමුදාව මෙන්ම ඉන්දීය ආරක්ෂක අංශ ද ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටිනවා.







No comments:
Post a Comment