Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad


Friday, September 4, 2020

ගිනි ගන්නා ඉන්ධන නෞකා බඳේ මිටර් දෙකක පැල්මක්: ගින්න මැඩලීමේ මෙහෙයුම් දිගටම - PHOTOS


ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදේ දී ගිනි ගැනීමකට ලක්වූ MT New Diamond නෞකාව මේ වන විට සංගමන් කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 25ක් දුරින් පිහිටා තිබෙන බව සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සඳහන් කර සිටිනවා.

යම් හෙයකින් මෙම නෞකාවේ ගබඩා කොට තිබෙන බොරතෙල් මුහුදට කාන්දු වුවහොත් හෝ එය පුපුරා ගියහොත් ඇතිවිය හැකි ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට දැඩි හානි සිදුවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය  විසින් ට්විටර් සටහනක් තබමින් සිය නෞකා තුනක් හා ගුවන් යානා දෙකක් MT New Diamond නෞකාවේ ගින්න මැඩපැවැත්වීම සඳහා එම ස්ථානය අසලට පැමිණ සිය දායකත්වය ලබාදෙමින් පවතින බවයි. ආපදාවට ලක්වූ නෞකාවේ සේවකයින් නවාතැන් ගන්නා ස්ථානයේ හටගෙන තිබු ගින්න මැඩපැවැත්වීමට හැකිවූ බවත් නෞකාවේ මිටර් දෙකක පමණ පැල්මක් දකින්නට ලැබෙන බවයි ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය සඳහන් කළේ.

මේ අතර අද අළුයම් කාලයේදී මෙම නෞකාවේ පිපිරිම් දෙකක් සිදුවූ බවත් නෞකාව ධාවනයට යොදා ගන්නා ඩිසල් ගබඩා කොට ඇති ටැංකි පද්ධතියට ගින්න ව්‍යාප්ත වුවහොත් ඉන් දැඩි බලපෑමක් ඇතිවිය හැකි බව සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ.

මේ අතර නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදු වුවහොත් හම්බන්තොට සිට යාපනය දක්වා වු සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර අතර ඉන්ධන උරා ගත හැකි Oil Boom යෙදීම, ඉන්ධන කාන්දුවක් සිදුවුහොත් එය තනි රටකට පාලනය කිරීම අපහසු නිසා දකුණු ආසියානු කලාපයේ සියලුම රටවල සහාය ලබා ගැනීම සඳහා මුලික පියවර ගැනීම, මෙන්ම මෙම ඉන්ධන නෞකාව අයත් සමාගම සම්බන්ධව නීතිමය පියවර ගැනීම ආදි සියලුම කටයුතු පරිසරඅමාත්‍යාංශයේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරිය හා මෙම කාරණයට සම්බන්ධ සියලුම ආයතනවල මැදිහත්වීම මත ගෙන ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර අවධාරණය කර සිටිනවා.

දැනට තිබෙන තොරතුරු අනුව මෙම නැවේ ඇති ඉන්ධන ඉවත් කිරීම සඳහා අමතර නැවක් දැනටමත් එම ස්ථානයට පිටත් කර තිබෙන බවයි පරිසර අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ.













No comments:

Post a Comment

Post Bottom Ad