
දහතුන් හැවිරිදි සිය නැගණිය දූෂණය කර එකොළොස් හැවිරිදි නැගණියට අතවර කළ බවට සැකපිට විසිහතර හැවිරිදි අයියා පසුගියදා අත්අඩංගුවට ගත් බව කලවාන පොලිසිය පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කලක් මහණ වී සිට සිවුරු අත්හල තරුණයෙකු බව පොලිසිය පැවසීය. දූෂණයට ලක්වූ දැරිය පාසලට පැමිණි අවස්ථාවේදී ඇයගේ ශරීරයේ ඇති වෙනස්කම් දැක පාසලේ ගුරුවරුන් විසින් කලවාන පොලිසිය දැනුවත් කර ඇති අතර පසුව කලවාන පොලිසිය විසින් ඇය රෝහල වෙත ඇතුළත් කර පරීක්ෂා කීරීමේදී ඇය ගැබ්ගෙන ඇති බව අනාවරණය වී ඇත.
පසුව ඇයගෙන් කළ ප‍්‍රශ්න කිරීමේදී මෙය සිය අයියාගෙන් සිදුවූවක් බව ඇය පොලිසියට පවසා ඇත. ඇයගේ අයියා අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී දූෂණයට ලක්වූ දැරියට අමතරව එකොළොස් හැවිරිදි නැගණියට ද ඔහු විසින් අතවර කර ඇති බව අනාවරණය වූ බව කලවාන පොලිසිය පැවසීය.
ඔවුන්ගේ මව පළමු කසාදයෙන් ඉවත්ව ඇති බවත් දූෂණයට ලක්ව ගැබ්ගෙන සිටින දහතුන් හැවිරිදි දැරිය හා දූෂණය සිදුකළ තරුණයා පළමු විවාහයේ දරුවන් බවත් දෙවන විවාහයෙනුත් ඇය වෙන්වී ඇති බවත් දෙවැනි විවාහයෙන් ඇයට දියණියන් දෙදෙනකු සිටින බවත් අතවරයට ලක්වූ එකළොස් හැවිරිදි දැරිය ද පාසලේ හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවත් මව පොලිසියට ප‍්‍රකාශ කර තිබේ. දරුවන් හතර දෙනා සමග ඇය නිවසේ ගතකර ඇති අතර විසිහතර හැවිරිදි තරුණයා ද රැකියා විරහිතව නිවසේ ගතකර ඇත. මව කුලී වැඩ කර ඔහු පෝෂණය කර ඇති බවත් මව පොලිසියට ප‍්‍රකාශ කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකාර අයියා 04 වැනිදා රත්නපුර අතිරේක මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙස රත්නපුර අතිරේක මහෙස්ත‍්‍රාත් දුලාන් වීරවර්ධන මහතා නියෝග කළේය.
කලවාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එස්. කේ. සී. එස්. දයාවංශ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමරපාල, කාන්තා පොලිස් පරීක්ෂිකා ප‍්‍රදීපිකා, උප පොලිස් පරීක්ෂක බණ්ඩාර යන නිලධාරීහු පොලිස් විමර්ශන කළහ.
කලවාන - රණසිංහ ආරච්චි
No comments:
Post a Comment