Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad


Wednesday, September 9, 2020

හොර දොස්තර අත්අඩංගුවට.. ඔහු දරුවන් 14කගේ පියෙක්..


වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටිමින් හැටන් ඇතුළු අවට ප්‍රධාන නගරවල රෝගින්ට වෛද්‍යය උපදෙස් ලබාදුන් පුද්ගලයෙකු හැටන් පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලයට ලද පැමිණිල්ලක් මත එම භාරකාර මණ්ඩලය විසින් එ සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිලි කිරිමෙන් පසු අදාල ව්‍යාජ වෛද්‍යවරයාව හැටන් පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ.

හැටන් හජිරාපුර ප්‍රදේශයේ නිවසක් කුලි පදනම මත ලබාගෙන සතියට එක් වතාවක් පුත්තලමේ සිට පැමිණි මෙම ව්‍යාජ වෛද්‍යවරයා නිල චිකිස්සාවෙන් විවිධ රෝග සදහා ඖෂධ ලබා නොදි පිලි පැදිය යුතු කරුණු සම්බන්ධයෙන් රෝගින්ට උපදෙස් ලබා දි රෝගියෙකුගෙන් රු 800 ක් ද අය කර ඇති බවයි පොලිසිය විසින් කරන ලද මුලික විමර්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ.

හැටන් පොලිසියේ නිලධාරින් එම ස්ථානයට යනවිට එම ව්‍යාජ වෛද්‍යවරයාගෙන් වෛද්‍යය උපදෙස් ලබා ගැනිමට රොගින් විශාල පිරිසක් එම නිවසේ රැදි සිටිහ.

ව්‍යාජ වෛද්‍යවරයාගෙන් වෛද්‍යය උපදෙස් ලබා ගැනිමට පැමිණෙන රෝගින් හරහා අත්පත්‍රිකාද බෙදා දෙමින මෙම ව්‍යාජ වෛද්‍යය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත.

පුත්තලම ප්‍රදේශයේ පදිංචි සැකකරු (46) හැවිරිදි සැකකරු දරුවන් 14 දෙනෙකුගේ පියෙකු බවත් , ඔහු සතුව නිල චිකිස්සක වෛද්‍යයවරයෙක් ලෙස පෙනි සිටිම කිසිදු පිලිගත් ආයතනයකින් නිකුත් කරන ලද  සහතිකයක් හෝ අවසර පත්‍රයක් සැකකරු සන්තකයේ නොතිබුණු බවයි හැටන් මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජි.එස්.පලිපාන මහතා කියා සිටියේ.

හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ සභාපති ඒ.ජේ.එම්.ෆසිර් මොහොමඩ් මහතාද කියා සිටියේ මෙම ව්‍යාජ වෛද්‍යවරයා හැටන් ප්‍රදේශයට පැමිණ වෛද්‍යය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවට තම භාරකාර මණ්ඩලය දැනුවත් නොකල බවත් , එම ව්‍යාජ වෛද්‍යවරයා දිනකට රොගින් 80 දෙනෙකු පමණ පරික්ෂා කර ඇති බවත් , මේ සම්බන්ධයෙන් හැටන් ප්‍රදේශයේ ජනතාවගෙන් තම භාරකාර මණ්ඩලයට ලද පැමිණිල්ලක් මත සැකකරු සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිල්ලක් සිදු කල බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් සිදු කර සැකකරුට එරෙහිව ඉදිරි නිතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හැටන් මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.

No comments:

Post a Comment

Post Bottom Ad