Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad


Sunday, September 13, 2020

අටළුුගම නිවාස දෙකකින් බෝම්බ සෑදිමට ගන්නා නයිට්‍රික් ඇසිඩ් කිලෝ 77ක් සොයාගනී

atalugama

ගිනිවතුර (නයිටි‍්‍රක් ඇසිඞ්) කිලෝ 77 ක් අඩංගු ප්ලාස්ටික් බූලි තුනක් බණ්ඩාරගම අටුළුගම ප‍්‍රදේශයේ නිවෙස් දෙකක සඟවා තිබියදී ඊයේ (11 දා) සොයාගැනීමට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සමත්ව තිබේ.

බණ්ඩාරගම පොලිස් නිලධාරීන්ට පහරදී සැඟව සිටින සැකකරුවන් සොයා මෙහෙයුම සිදුකිරීමේදී අටුළුගම, ජයකොඩි කන්දේ, නිවාස දෙකක සඟවා තිබූ ගිනිවතුර තොගය සොයගෙන පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුට ගත් බැව් පොලිස් නිලධාරියෙක් පැවසීය.

 මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ බණ්ඩාරගම, අටුළුගම, ජයකොඩි කන්දේ පදිංචි 54 සහ 48 වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙක් බව පොලිසිය පැවසීය.

 ඔවුන්ගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී කොළඹ ප‍්‍රදේශයෙන් රැගෙන ආ බවට ප‍්‍රකාශ ලබාදී ඇති අතර, යම් අපරාධයකට ගිනිවතුර ගෙන ආවාද යන්න සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන බැව් වැටලීමට එක්වූ පොලිස් නිලධාරියෙක් පැවසීය.

 සැකකරුවන් පානදුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, පානදුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ, සහකාර පොලිස් අධිකාරි උදය අමරතුංග යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අයි. එම්. එස්. කස්තුරිආරච්චි මහතාගේ ප‍්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්‍ෂක පි‍්‍රයංකර, සැරයන්වරුන් වන (39085) මනම්පේරි, (27061) අනුර, (51630) සුමින්ද සහ කොස්තාපල්වරුන් වන (16322) බණ්ඩාර යන නිලධාරීන් විසින් වැටලීම සිදුකරන ලදී.

 ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක

No comments:

Post a Comment

Post Bottom Ad