Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad


Tuesday, July 21, 2020

කොරෝනා නිසා පුද්ගලික බස් 15,000 ක් කොට, ධාවනයෙන් ඉවතට

private bus

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් පෞද්ගලික බස් රථ 15,000 ක් පමණ මසක් ඇතුළත ධාවනයෙන් ඉවත් කරවීමට සිදුවනු ඇතැයි පෞද්ගලික බස් හිමියන් පවසනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේ අද (21) සිට ධාවනය කරන බස් රථ සංඛ්‍යාවද සියයට 50 කින් අඩු කරන බවයි.

කොරෝනා වෛරසය හමුවේ සිදුව ඇති බලපෑම අවම කර ගැනීම මෙහි අරමුණ බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කළා.

එහිදී වැඩි දුරටත් සඳහන් කෙරුණේ බස් රථ කර්මාන්තය පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැති නිසා මෙම තීරණවලට එළඹි බවයි. දිනක් හැර දිනක් ධාවනය කරන්නත් තීරණය කර ඇත්තේ ද වියදම් අඩුකර ගැනීමට බවයි සඳහන් කෙරුණේ.

ඔහු සදහන් කළේ මාර්ගයක ධාවනය වන බස් රථ සංඛ්‍යාවද බස් රථ ගමන් වාර සංඛ්‍යාවද අඩු කිරීමට තීරණය කර ඇති බවයි.

කෙසේවෙතත් දුර ගමන් සේවා බස් රථ එලෙසම ධාවනය කරන බවයි අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාර පැවසුවේ.

පෞද්ගලික බස් රථ අද (21) සිට සිය ධාවන කටයුතු සීමා කළ හොත් ඉන් පීඩාවට පත් වන ජනතාව වෙනුවෙන් ගන්නා කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් ප‍්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර පළ කළේ මෙවන් අදහසක්.

"බස් සංගම් ගාස්තු වැඩි නොකර ධාවනය කිරීමට ඉදිරිපත් කළ ඉල්ලීම් අතරින් සැළකිය යුතු ප්‍රමාණයක් ඉටු කරලා තියෙනවා. කෙසේවෙතත් ලංගම හරහා අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන්නට සූදානම් කරලයි තියෙන්නේ. අපි හිතන්නේ නෑ එවැනි තත්ත්වයක් ඇති වෙයි කියලා."

කොරෝනා ව්‍යසනයෙන් පසු බස් රථ ධාවනයෙන් මේ වනවිට ලැබෙන්නේ මින් පෙර ලැබූ ආදායමෙන් තුනෙන් එකක් පමණක් බවයි පෞද්ගලික බස් හිමියන් පවසන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad