වව්නියාව කනගරායන්කුලම් පොලිස් වසමේ ආයිලඩි ප්‍රදේශයේ නිවසක ගෙමිදුලේ සෙල්ලම් කරමින් සිටි සොහොයුරියන් තිදෙනෙකු මතට කොහොඹ අත්තක් කඩා වැටීමෙන් අවුරුදු එකහමාරක් වයසැති දැරියක් මිය ගොස් තවත් දැරියන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට කනගරායන්කුලම් පොලීසිය පවසයි.
දැරියන් තිදෙනා ගෙමිදුලේ සෙල්ලම් කරමින් සිටින අවස්ථාවේ දැඩි සුළං සහිත කාලගුණයක් පැවති අතර එම අවස්ථාවේ ආසන්නයේ පිහිටි කොහොඹ ගසක අත්තක් දැරියන් තිදෙනා මතට කඩා වැටී ඇත.
එහිදී බරපතල තත්වයෙන් දැරියන් තිදෙනාම නෙදුන්කේණි රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා වව්නියාව මහරෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අවුරුදු එකහමාරක් වයසැති බාල සොහොයුරිය මිය ගොස් අති බවට පොලීසිය පවසයි.
එහිදී මිය ගොස් ඇත්තේ මධුෂණ් ලක්ෂායිණි වන අතර බරපතල තත්වයේ ප්‍රතිකාර ලබන්නේ අවුරුදු 8 ක් වූ සර්මිලා දේවි සහ අවුරුදු 10 ක් වූ ජීවිතා නැමති දැරියන් බවට පරික්ෂණ සිදු කරන කනගරායන්කුලම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.
No comments:
Post a Comment