කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයන් ඉක්මනින් සුව කිරීම සඳහා වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා විසින් ප්‍රතිකාර කටයුතු ආරම්භ කර ඇති බව මව්බිම පුවත්පත වාර්තා කරයි.
ඒ අනුව ඔහුගේ කුණ්ඩලීනී ශක්තියෙන් ආශිර්වාද කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ මූලික සැලැස්ම ඊයේ සිට ආරම්භ කර ඇතැයි ද එහි සඳහන්ය.
රජයේ නිලධාරීන් පිරිසක් ඔහුගේ මිරිහානේ නිවසට කරන ලද සාකච්ඡාවකින් පසු සාකච්ඡාවක දී එම රෝගීන් සුව කිරීමට මැදිහත් වෙන්නයි ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තාව කියයි.
මෙරට හමුවූ විශාලතම කොරෝනා පොකුර වන වැලිසර නාවික හමුදා කදවුරේ ආසාදිතයන්ටද එලියන්ත වයිට් මහතා ගේ ආශිර්වාදය ලබා ඇති බවත් එම වාර්තාවේ තවදුරටත් සඳහන් වෙයි.
No comments:
Post a Comment