Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad


Monday, July 27, 2020

වැලිකඩ තවත් රැඳවියෙකුට කොරෝනා


වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. කොවිඞ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ මෙරටින් ඊයේ (26) හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් 12 දෙනා අතර එම රැඳවියා ද වන බවයි.

අදාළ රැඳවියා වැලිකඩ බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවීමට නියමිතව සිටි අයෙකු බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත්, වැලිකඩ බන්ධනාගාරයට ගෙන ඒමට පෙර එම රැඳවියා ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිට ඇති බැවින් මේ වනවිට ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් ඇතුළු නිලධාරීන් 200 ක් පමණ PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.

කොරෝනා ආසාදිත බවට තහවුරු වූ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියා වැලිකඩ බන්ධනාගාර රෝහලේ ද සිට ඇති බැවින් එම රෝහලේ කාර්යය මණ්ඩලයට ද PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.

මේ අතර ඊයේ මෙරටින් හඳුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් 12 අතර සේනපුර නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳවියන් 05 දෙනෙකු, කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් හඳුනා ගැනුණු කොරෝනා පොකුරේ ආශි‍්‍රතයෙකු හා එම නිරෝධායන මධ්‍යස්ථානයේ කාර්යය මණ්ඩල සාමාජිකයෙකු මෙන්ම විදේශගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 04 දෙනෙකු ද වනවා.

ඒ අනුව මේවනවිට කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් හඳුනා ගැනුණු කොරෝනා පොකුරෙන් 580 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බව තහුවරු වී ඇතැයි කොවිඞ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. එම ආසාදිතයින් අතර කන්දකාඩු පුනරුත්තාපන කඳවුරේ රැඳවියන් 465 දෙනෙකු, කාර්යය මණ්ඩල සාමාජිකයින් 65 දෙනෙකු, ආරාධිත කාර්යය මණ්ඩල සාමාජිකයින් 05 දෙනෙකු මෙන්ම කන්දකාඩු කොරෝනා පොකුරේ ආශ‍්‍රිතයින් 45 දෙනෙකු ද වනවා.

මේ අතර යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයින් 29 දෙනෙකු සිය නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කර අද (27) සිය නිවෙස් වෙත පිටත්ව යනවා. ඒ අනුව මේවනවිට පුද්ගලයින් 26,942 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර සිය නිවෙස් වෙත පිටව ගොස් ඇතැයි කොවිඞ් 1-9 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.

ති‍්‍රවිද හමුදාවට විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 44 ක් තුළ පුද්ගලයින් 3556 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad