Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad


Tuesday, July 28, 2020

කිලෝමීටර් 30ක් දිගු මාර්ගයක රාත්‍රියේ බස් නැතුව පයින් ගිය මගියෙක්ව රැගෙන ගිය යතුරුපැදිකරුට දඩ කොලයක්


බස් රථයක් නොමැතිව, රාත‍්‍රියේ සිය නිවසට යා නොහැකිව අසරණව සිටි පුද්ගලයෙකුට පිහිට වූ තවත් පුද්ගලයෙකුට පොලීසියෙන් දඩ නියම වූ පුවතක් ගාල්ල, නෙළුව ප‍්‍රදේශයෙන් වාර්තා වනවා.

යතුරු පැදියකින් පැමිණ ඇති ඔහු නිවසට යාමට නොහැකිව මාර්ගයේ අසරණව සිටි පුද්ගලයාට ප‍්‍රවාහන පහසුකම් ලබාදී තිබුණා.

ඒ අවස්ථාවේ යතුරු පැදිකරු සතුව අතිරේක ආරක්‍ෂිත හිස්වැසුමක් නොමැති වුවද අසරණව සිටි පුද්ගලයා සිය යතුරු පැදියේ නංවාගෙන රැගෙන යාමට කටයුතු කර තිබුණේ ඔහුට පිහිටවීමේ අරමුණින්.

එහෙත් එම මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු විසින් පසුපැදිකරුට ආරක්ෂිත හිස්වැසුම් නොමැතිවීම හේතුවෙන් දඩ නියම කර තිබෙනවා. මෙය සිදුව ඇත්තේ කිලෝමීටර් 30 ක්වූ පැලවත්ත - නෙලූව මාර්ගයේදියි.

බස් රථයක් නොමැතිව අදාළ පුද්ගලයා කිලෝමීටර් 6ක් පමණ පා ගමනින් සිය නිවස කරා ගමන් කරමින් සිට තිබෙනවා. ඒ අතරතුරයි මෙම යතුරුපැදිකරු විසින් සිය යතුරු පැදියෙන් ඔහුට ප‍්‍රවාහන පහසුකම් ලබාදී ඇත්තේ.

මෙහි විශේෂත්වය වන්නේ පසුපැදිකරුට ආරක්ෂිත හිස් වැසුම් නොමැති වීම හේතුවෙන් දඩ පත‍්‍රයක් ලබාදුන් අදාළ පොලිස් නිලධාරියාටද මීට පෙර මෙම මාර්ගයේ බස් රථයක් නොමැතිව සිටින අවස්ථාවේදී මෙම යතුරුපැදිකරු විසින්ම මෙම නිලධාරීයාට පොලිස් ස්ථානයටම ප‍්‍රවාහන පහසුකම් ලබාදී තිබීමයි.

එම අවස්ථාවේද අදාළ පොලිස් නිලධාරියාට ආරක්ෂිත හිස්වැසුමක් නොතිබුණු බවයි මෙම යතුරු පැදිකරු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ.

දඩ පත‍්‍රිකාව ලියන අවස්ථාවේදී මෙම යතුරුපැදිකරු මෙම සිද්ධිය අදාළ නිලධාරියාට සිහිපත් කර තිබෙනවා. එහිදී මෙම යතුරු පැදිකරු මෙම පොලිස් නිලධාරියාට සදහන් කර ඇත්තේ පෙර සිදුවීමටද තමන්ට දඩ පත‍්‍රයක් ලබා දෙන ලෙසයි. 

කෙසේ වෙතත් බස් රථයක් නොමැතිව මහ මග අසරණ සිටි පුද්ගලයෙකු ආරක්ෂිත හිස්වැසුමක් නොමැතිව ප‍්‍රවාහනය කිරීමේ වරදට දඩ පත‍්‍රිකාවක් ලබාදී තිබෙනවා. අදාළ දඩ පත‍්‍රිකාවද සමගින් මෙම සිදුවිම පිළිබද සිය ෆේස්බුක් ගිණුමේ සටහන් තබමින් මෙම පුද්ගලයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ මෙම මාර්ගයේ බස් රථයක් නොමැතිව අසරණව සිටින කිසිදු පුද්ගයෙකු තමන් මග හැර නොයන බවයි.

දඩ පත‍්‍රිකා සියයක් ලැබුණත් තමන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවත් ඔහු සිය ෆේස්බුක් සටහන හරහා සදහන් කර තිබෙනවා.

එමෙන්ම බස් රථයක් නොමැතිව අසරණවන පුද්ගලයින් වෙනුවෙන් අදාළ මාර්ගයට රාත‍්‍රි බස් රථයක් යොදවන ලෙසටද ඔහු ඉල්ලීමක් කර තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad