Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Monday, July 27, 2020

ක්‍රිකට් ආයතනය කුසල් ගැන තීරණයක් ගන්න සැරසේ

රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කි‍්‍රකට් කී‍්‍රඩක කුසල් මෙන්ඩිස්ට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකිරීම කෙරෙහි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

අදාළ යෝජනාව අද (27) පැවැත්වෙන කි‍්‍රකට් කමිටුවට ඉදිරිපත් කරන බවයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ.

කී‍්‍රඩකයින් අතින් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගැනීමේ පියවරක් වශයෙන් මෙවැනි විනය පරීක්ෂණයක් සිදුකිරීමට යෝජනා වී ඇති බව සඳහන්. ගිවිසුම්ගතව සිටින කී‍්‍රඩකයින් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ සිදුකිරීමේ බලය ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සතුව පවතිනවා.

මේ අතර මෙම රිය අනතුරෙන් මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් වෙත රුපියල් ලක්ෂ 10 ක වන්දි මුදලක් ලබාදීමට කුසල් මෙන්ඩිස් ඉකුත් දා අධිකරණයේදී එකග වුණා. ස්ථිර නිවසක් නොතිබූ එම පවුල වෙත ඉඩමක් ද ලබාදීමට කුසල් මෙන්ඩිස් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad