Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad


Tuesday, July 28, 2020

මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන 11ක මූල්‍ය වංචාවක්


2016-2019 දක්වා කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ අක්‍රමිකතා සහ අවභාවිතාවන් පිළිබඳ ව සොයාබැලීමට පත්කළ කමිටුව සිය වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අද (28) භාර දුනි.

විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ගාමිණී සරත් එදිරිසිංහ මහතා, හිටපු කැබිනට් අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්තා රෝහණධීර මහතා එම කමිටුවේ සාමාජිකයින් වේ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ කාර්යයන් විමර්ශනය කිරීමට පත්කළ එම කමිටුවේ වාර්තාව මගින් 2016 - 2019 කාල සීමාව තුළදී එම අරමුදලේ බරපතළ මුදල් අවභාවිතාවක් සිදු වී ඇති බව තහවුරු කරයි.

අවභාවිත කර ඇති සම්පූර්ණ මුදල රුපියල් මිලියන 11,059 ක් බව එම කමිටුව අනාවරණය කර ගෙන තිබේ.

- නියමිත අනුමැතියකින් තොරව ස්ථාවර තැන්පත් ආපසු ගැනීමේ හා තැන්පත් පොළිය ආදායම් අහිමිවීමෙන් රුපියල් මිලියන 2608 ක්

- නීත්‍යානුකූල අනුමැතියකින් තොරව සිසු දහම් සෙවණ වැඩසටහන යටතේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 753ක්

- සංචාරක ප්‍රවේශපත්‍රවල ඩොලර් ආදායම රුපියල්වලට පරිවර්තනය කිරීමේදී සිදුවූ අලාභය ලෙස රුපියල් මිලියන 48 ක්

- පුරාවිද්‍යා භාරය සඳහා නියමිත දායකත්ව මුදල් නොගෙවා නීති විරෝධීව වෙනත් කටයුතු සඳහා වැයකළ මුදල රුපියල් මිලියන 2266 ක්

- අපේ ගම ව්‍යාපෘතියේ දේපල පැවරීමේදී සිදු වූ අලාභය රුපියල් මිලියන 8ක්

- විධිමත් අනුමැතියකින් තොරව සංස්කෘතික ආධාර හා ප්‍රදාන ලෙස ලබාදුන් රුපියල් මිලියන 2316 ක්

- බඳවා ගැනීමේ පටිපාටියේ අනුමත සීමා ඉක්මවා අවිධිමත් බඳවා ගැනීම් සඳහා වැටුප් හා දීමනා ලෙස රුපියල් මිලියන 3,060 ක්

සිදු වී ඇති මූල්‍යමය අක්‍රමිකතා සහ අවභාවිතයන් මෙන්ම පරිපාලන අක්‍රමිකතා වෙනුවෙන් අදාළ පාර්ශවයන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කමිටුව නිර්දේශ කර ඇත.

එසේම මධ්‍යම සංස්කෘතික අරමුදල සතුව ඇති ඩොලර් ගිණුමෙන් ද නීති විරෝධීව මුදල් නිදහස් කරගෙන ඇති අතර පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ස්ථාවර ගිණුමෙන් රුපියල් මිලියන 400ක් කිසිදු අනුමැතියකින් තොරව නිදහස් කර ගෙන ඇති බවද කමිටු වාර්තාවේ සඳහන් වේ.

මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව මධ්‍යම සංස්කෘතික අරමුදල ජංගම ගිණුම් 25ක් අරඹා ඇති අතර, මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් උපාංග මිලදී ගැනිම්, විදේශ ආදායම් සහිත අරමුදල් ව්‍යාපෘතිවල මුදල් ගිණුම්ගත කිරීමේ දෝෂ සහ ගෙවීමේ පටිපාටියෙන් බැහැර මුදල් ගෙවිම් සඳහා පසුව ලේඛන සකස් කර ඇති බවත් කමිටුව මගින් අනාවරණය කරගෙන ඇත.

2019 වර්ෂය පුරා කළ අවිධිමත් වියදම් සඳහා අනුමැතිය ලබාගැනීමට 2019.11.15 දින අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වීමක් කැඳවා ඇත.

එයට සාමාජිකයින් 5 ක් සහභාගි වී ඇති නමුත් සහභාගි නොවූ අන් සාමාජිකයින්ගේද අත්සන් ඊට ලබාගෙන ඇති බව අනාවරණය වී තිබේ.

මෙම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ නිත්‍යානුකූලභාවය පිළිබඳව ගැටලු ඇතැයි සඳහන් කරන කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩලයේ අත්සන් තහවුරු කරගැනීම සුදුසු බවද අවධාරණය කරයි.

page%2B1

page%2B2

No comments:

Post a Comment

Post Bottom Ad