රටේ ජන ජීවිතය යථාවත් කිරීමේ වැඩපිළිවෙළ අද (11දා) සිට ආරම්භ වුවද, නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වන බව වැඩ බලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ඊයේ (10දා) නිවේදනය කළේය.
රාජ්‍ය හා පෞද්ගලික ආයතන අද සිට විවෘත කිරීමේදී අත්‍යවශ්‍ය සේවකයන් පමණක් කැඳවිය යුතු බවත් ඔවුන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද දැඩි ලෙස අනුගමනය කරමින් සමාජ දුරස්ථභාවය රැකිය යුතු බවත් පොලිස්පතිවරයා සිය නිවේදනයේ සඳහන් කර තිබේ.
සුපිරි වෙළෙඳසල්, ඔෟෂධ අලෙවිසල්, අත්‍යවශ්‍ය සේවා සපයන තොග හා සිල්ලර වෙළෙඳසල් විවෘත කිරීමට අවසර ලැබෙන අතර ආහාර විකුණන පෙට්ටි කඩ, අවන්හල් හා කුඩා ආපනශාලා විවෘත කිරීමට දැනට අවසර නොලැබෙනු ඇත.
ත්‍රිරෝද රථවල උපරිමයෙන් ගමන් කළ හැක්කේ වැඩිහිටියන් දෙදෙනකුට පමණක් වන අතර කුලී මෝටර් රථ සඳහා අවසර ලැබෙන්නේ රියැදුරු හැර වැඩිහිටියන් තිදෙනකුට පමණි.
නිරෝධායනයට හෝ ස්වයං නිරෝධායනයට යොමු වූ කිසිවකුට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සහතික ලැබෙන තෙක් ගමනාගමනය තහනම් වේ.
අවන්හල් නොමැතිව සංචාරක හෝටල් විවෘත කිරීමටද අවස්ථාව ලබාදී තිබේ.
බස් රථවල සහ පොදු ප්‍රවාහන සේවාවන්හි ගමන් කිරීමේදී මුඛ ආවරණ පැලඳීම අත්‍යවශ්‍ය වේ. බස් රථහි ෙදාරටුවල විසබීජ නාශක දියර බෝතල් සවිකර තිබීමද අත්‍යවශ්‍ය කරුණක් වෙයි.
රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවකයන් ගමන් කිරීමේදී ඇඳිරි නීතිය බලපැවැත්වීම බාධාවක් නොවිය යුතු බවත් සේවා හැඳුනුම්පත, ආයතනික ලිපිය හෝ එහි ඉලෙක්ට්‍රොනික පිටපත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසර ලබාදී ඇති බව නිවේදනය කර තිබේ.
රාජ්‍ය ආයතන වෙත පෞද්ගලික වාහනවලින් පැමිණෙන හා ආයතන වාහනවලින් පැමිණෙන රජයේ සේවකයන්ට පැමිණීමේ සහ පිටවීමේ වේලාවන් හඳුන්වාදී ඇත. පොලිස්පතිවරයා විසින් මේ පිළිබඳ පනවා ඇති සෙසු විධානයන් පහත දැක්වේ.
දිවයින පුරා Covid _ 19 වයිරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය අවස්ථානුකූලව ක්‍රියාත්මක කරනු ලබයි.
එලෙස නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතරම ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම 2020.05.11 වැනි දින සිට ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. එබැවින් එලෙස ක්‍රියා කිරීමේදී පහත දක්වා ඇති කරුණු පිළිබඳව අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරී නිතිය නැවත දැනුම්දෙනතුරු දිගටම ක්‍රියාත්මක වන අතර, කළුතර හා පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වනුයේ රාත්‍රි 8 සිට අලුයම 5 දක්වා පමණි.
1. රාජ්‍ය ආයතන/කාර්යාල විවෘත කිරීමට තීරණය කර ඇත. එහිදී සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කිරීමට ප්‍රමාණවත් (උදා: සමාජ දුරස්ථතාවය පවත්වා ගැනීම ආදී) අත්‍යවශ්‍යම සේවකයන් ප්‍රමාණය ආයතන ප්‍රධානීන් විසින් තීරණය කර, එම සේවකයන් ප්‍රමාණය පමණක් සේවයට කැඳවන ලෙසට ඔවුන් දැනුවත් කර ඇත.
මෙලෙස සේවකයන් කැඳවීමේදී හැකිතාක් දුරට අදාළ රාජ්‍ය ආයතනය/කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කය තුළ පදිංචි සේවකයන් කැඳවීමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතුය. එසේ වුවද අවශ්‍යතාව මත දිස්ත්‍රික්කයෙන් පිටත පදිංචි සේවකයන් සේවයට කැඳවීමට හැකියාව ඇත.
රාජ්‍ය ආයතනවල රාජකාරි සඳහා සේවකයන් ගමන් කිරීමේදී ඔහු ගමන් ආරම්භ කරන හෝ ළඟාවන ප්‍රදේශයේ, අදාළ වේලාවේදී ඇඳිරි නීතිය බලපැවැත්වීම බාධාවක් නොවිය යුතු අතර, ඔහුගේ සේවා හැඳුනුම්පත හෝ ආයතනික ලිපියක් හෝ එම ලිපියෙහි ඉලෙක්ට්‍රොනික පිටපතක් ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකිය.
ඉහත පරිදිම රාජ්‍ය ආයතනවල රාජකාරි නිමකර සේවකයන් ආපසු නිවෙස් වෙත ගමන් කිරීමේදීද ඔහු ගමන් ආරම්භ කරන හෝ ළඟාවන ප්‍රදේශයේ, අදාළ වේලාවේදී ඇඳිරි නීතිය බලපැවැත්වීම බාධාවක් නොවිය යුතු අතර, ඉහත පරිදි ඔහුගේ සේවා හැඳුනුම්පත හෝ ආයතනික ලිපියක් හෝ එම ලිපියෙහි ඉලෙක්ට්‍රොනික පිටපතක් ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකිය.
තවද දිස්ත්‍රික් මායිම් පසු කරමින් රාජකාරි ස්ථානයට පැමිණෙන හෝ පිටව යන සේවකයන් සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි (MOH) සහතිකයක් ලබා ගැනීම අවශ්‍ය නොවේ.
රාජ්‍ය ආයතන වෙත පෞද්ගලික වාහනවලින් සහ අදාළ ආයතනයෙන් සපයන වාහනවලින් පැමිණෙන රජයේ සේවකයන් පැය 08.30ට පෙර රාජකාරි ස්ථානයට පැමිණීමත්, රාජකාරි අවසන් කර පිටත්වන වාහන පැය 15.00ත් පැය 16.00ත් අතර කාලය තුළ පිටත්වීමත් අවශ්‍ය වේ. එලෙස ක්‍රියා කිරීම මඟින් ප්‍රධාන මාර්ගවල වාහන තදබදය අවම කර ගැනීමට හැකියාව ලැබෙන අතර, එය Covid_ 19 වයිරසය ව්‍යාප්තිය තවදුරටත් වැළැක්වීමට වැදගත් වන බව සෞඛ්‍ය බලධරයන් තීරණය කර ඇත.
ඉහත කාලසීමාවන් තුළ තම රාජකාරි ස්ථාන වෙත ළඟාවීමට හැකි පරිදි අදාළ රජයේ සේවකයන් ගමන් ආරම්භ කිරීම වැදගත් වේ. තවද රජයේ කර්මාන්තශාලා සඳහා සහ සේවා මුර වශයෙන් පවත්වාගෙන යන රාජ්‍ය ආයතන සඳහා ඉහත වේලාවන් අදාළ නොවේ.
මෙලෙස රාජ්‍ය ආයතන/කාර්යාලවල කටයුතු සිදු කිරීමේදී, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය විසින් සකස් කර 2020.04.17 වැනි දින නිකුත් කර ඇති “Covid _ 19 සඳහා ප්‍රතිචාර දැක්වීම පිළිබඳව මෙහෙයුම් මාර්ගෝපදේශ සංග්‍රහය” සහ ඊට සමගාමීව වරින් වර නිකුත්වන උපදෙස් හා සෞඛ්‍ය ආරක්ෂණ විධි අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වන අතර, එලෙස ක්‍රියා කිරීම අදාළ රාජ්‍ය ආයතනයේ/ කාර්යාලයේ ප්‍රධානියාගේ වගකීම වේ.
එසේම අදාළ මාර්ගෝපදේශයන්ට අනුකූල වන ලෙසට තම ආයතනය/ කාර්යාලය තුළ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයක් සකස්කර ක්‍රියාවට නැංවීමද එම ආයතන ප්‍රධානියාගේ වගකීම වේ.
2. පෞද්ගලික ආයතන/ කාර්යාල විවෘත කිරීමට තීරණය කර ඇත.
එහිදී එම පෞද්ගලික ආයතනය / කාර්යාලය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කරන සේවක පිරිස පමණක් රැකියාව සඳහා කැඳවීමට අදාළ ආයතන ප්‍රධානීන් ක්‍රියාකළ යුතුය. එලෙස කැඳවන සේවකයන් වෙත ආයතනය මඟින් ලිපියක් යොමු කළ යුතු අතර එම ලිපිය හෝ ලිපියෙහි ඉලෙක්ට්‍රොනික පිටපතක් හෝ ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට හැකියාව ඇත.
පෞද්ගලික ආයතන/ කාර්යාලවල රැකියාව සඳහා පෞද්ගලික වාහනවලින් සහ අදාළ ආයතනයෙන් සපයන වාහනවලින් පැමිණෙන සේවකයන් පැය 08.30 ත් පැය 10.00ත් අතර කාලය තුළදී තම සේවා ස්ථානය වෙත පැමිණීම අපේක්ෂා කරන අතර සේවය අවසන් කර සේවකයන් රැගෙන යන වාහන පැය 16.00ත් පැය 17.00ත් අතර කාලය තුළ පිටත් විය යුතුය.
ඉහත කාලසීමාවන් තුළ තම රැකියා ස්ථාන වෙත ළඟාවීමට හැකි පරිදි අදාළ පෞද්ගලික ආයතන සේවකයන් ගමන් ආරම්භ කිරීම වැදගත් වන අතර පෞද්ගලික කර්මාන්තශාලා සඳහා සහ සේවා මුර වශයෙන් පවත්වාගෙන යන පෞද්ගලික ආයතන සඳහා ඉහත වේලාවන් අදාළ නොවේ.
පෞද්ගලික ආයතනවල රැකියාව සඳහා සේවකයන් ගමන් කිරීමේදී ඔහු ගමන් ආරම්භ කරන හෝ ළඟාවන ප්‍රදේශයේ අදාළ වේලාවේදී ඇඳිරි නීතිය බලපැවැත්වීම බාධාවක් නොවිය යුතු අතර, ඔහුගේ සේවා හැඳුනුම්පත සහ ආයතනයෙන් ඔහුට රැකියාව සඳහා කැඳවන ලද ලිපියක් හෝ එම ලිපියෙහි ඉලෙක්ට්‍රොනික පිටපතක් ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකිය.
ඉහත පරිදිම පෞද්ගලික ආයතනවල රැකියා නිමකර සේවකයන් ආපසු නිවෙස් වෙත ගමන් කිරීමේදී ද ඔහු ගමන් ආරම්භ කරන හෝ ළඟාවන ප්‍රදේශයේ, අදාළ වේලාවේදී ඇඳිරි නීතිය බලපැවැත්වීම බාධාවක් නොවිය යුතු අතර ඉහත පරිදි ඔහුගේ සේවා හැඳුනුම්පත සහ ආයතනයෙන් ඔහුව රැකියාව සඳහා කැඳවන ලද ලිපියක් හෝ එම ලිපියෙහි ඉලෙක්ට්‍රොනික පිටපතක් ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකිය.
ඉහත කරුණුවලට අමතරව ඡේද අංක 1හි සඳහන් අනෙකුත් කරුණු අවශ්‍ය වෙනස්කම් සහිතව එහිදී අදාළ කරගත යුතුය.
3. පොදු ප්‍රවාහන සේවා ( දුම්රිය හා බස් රථ) මඟින් මගී ප්‍රවාහනයේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිළිපැදීමට අදාළ බස් හිමියන්, රියැදුරන් හා කොන්්‍ෙදාස්තරවරුන් ක්‍රියා කිරීම වැදගත් වේ.
විශේෂයෙන්ම මෙහිදී මගීන් මුඛ ආවරණ පැලඳ ගමන් කිරීම සහ බස් රථයේ ෙදාරටුවල විසබීජහරණ දියර සහිත බෝතල් (Hand Sanitizer / Alcohol Rub) සවිකර තිබීම අත්‍යවශ්‍ය වේ.
මෙලෙස මගී ප්‍රවාහනයේදී, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය විසින් සකස් කර 2020.04.17 වන දින නිකුත් කර ඇති Covid -19 සඳහා ප්‍රතිචාර දැක්වීම පිළිබඳව මෙහෙයුම් මාර්ගෝපදේශ සංග්‍රහය සහ ඊට සමගාමීව වරින් වර නිකුත් වන උපදෙස් හා සෞඛ්‍ය ආරක්ෂණ විධි අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ.
4. අත්‍යවශ්‍ය මහජන සේවාවන් සැපයීම සිදුකරන සහ ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ අලෙවි කරනු ලබන තොග හා සිල්ලර වෙළෙඳසල් විවෘත කිරීමට අවසර ලැබේ.
මේ යටතේ ෆාමසි, ගේරාසරි, දුරකථන අලෙවිසල්, රෙදිපිළි අලෙවිසල්, පොත් අලෙවිසල්, පුවත්පත් අලෙවිසල් සහ ලොතරැයි අලෙවි කුටි සඳහාද අවසර ලැබේ. නමුත් නිසි සෞඛ්‍ය ආරක්ෂණ විධි අනුගමනය කිරීම අදාළ වෙළෙඳසල් හිමිකරුගේ සහ සේවකයන්ගේ වගකීම වේ.
5. ඉහත පරිදි වෙළෙඳසල් විවෘතව තැබුවද මහජනයා එම වෙළෙඳසල් වෙතින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා යා යුත්තේ, තමා පදිංචිව සිටින හෝ නවාතැන් ගෙන සිටින ස්ථානයට ආසන්නම වෙළෙඳසල වෙත හෝ පාරිභෝගික සේවා සපයන ස්ථානය වෙත පමණි. ( එනම් පා ගමනින් යා හැකි දුරක තිබෙන ස්ථාන වෙත පමණි.)
මහජන අවශ්‍යතාවක් සඳහා බැහැරව යෑමට ඇඳිරි නීති බලපත්‍රයක් ලබාගෙන තිබෙන පෞද්ගලික වාහන පැය 10.30ත් පැය 15.00ත් අතර කාලය තුළදී පමණක් ගමන් කිරීම සඳහා අවසර ලබා දී ඇත.
කෙසේ නමුත් මේ අනුව නිවෙසින් පිටතට පෞද්ගලික කටයුතු සඳහා ගමන් කරන සෑම තැනැත්තකුම මුඛ ආවරණ පැලඳීම, සමාජ දුරස්ථතාව පවත්වාගෙන යෑම ආදී සෞඛ්‍ය ආරක්ෂණ විධි අනුගමනය කළ යුතුය.
තවද මෙලෙස පෞද්ගලික අවශ්‍යතා සඳහා ඇඳිරි නීති බලපත්‍රයක් ලබා ගැනීමෙන් තොරව බැහැරව යෑමට අවසරය ලැබෙන්නේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය මතය. ඒ අනුව,
ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය
1 සහ 2 සඳහා සඳුදා දිනය
3 සහ 4 සඳහා අඟහරුවාදා දිනය
5 සහ 6 සඳහා බදාදා දිනය
7 සහ 8 සඳහා බ්‍රහස්පතින්දා දිනය
9 සහ 0 සඳහා සිකුරාදා දිනය
ඉහත පරිදි තම නිවාසවලින් බැහැරව යා යුත්තේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලට ගැනීම, අත්‍යවශ්‍ය සේවාවක් ලබාගැනීම හෝ ඔෟෂධ මිලදී ගැනීම වැනි අවශ්‍යතාවන් සඳහා පමණක් විය යුතුය.
කෙසේ නමුත් නිරෝධායනයට / ස්වයං නිරෝධායනයට ලක්කර සිටින තැනැත්තන් හට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් හට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි (MOH) සහතිකය ලැබෙන තුරු ඉහත පරිදි ගමන් කිරීමට හැකියාවක් නැත.
6. කුඩා ආපනශාලා, ආහාර විකුණන කුඩා පෙට්ටි කඩ සහ රෙස්ටුරන්ට් විවෘත කර පවත්වාගෙන යෑමට අවසර ලබා නොදිය යුතු අතර, ඒවා විවෘත කිරීම සම්බන්ධයෙන් කාලානුරූපීව ඉදිරියේදී සලකා බලනු ඇත.
7. අවසර ලබා දී ඇති ආහාර බෙදාහැරීමේ (Delivery Service) සේවා ආයතන සඳහා තවදුරටත් එම කටයුතු පවත්වාගෙන යා හැකිය.
8. සුපිරි වෙළෙඳසල් විවෘත කර පවත්වාගෙන යා හැකිය. එහිදී අදාළ සෞඛ්‍ය ආරක්ෂණ විධි අනුගමනය කිරීම එය හිමිකරුගේ සහ සේවකයන්ගේ වගකීම වේ.
9. ත්‍රිරෝද රථවල උපරිම ගමන් කළ හැක්කේ රියැදුරු හැර වැඩිහිටියන් දෙදෙනකුට පමණි.
එසේම කුලී කාර් රථ ( Uber, Pick Me වැනි) සඳහා අවසර ලබාදෙන අතර එහිදී ගමන් කිරීමට අවසර ලැබෙන්නේ රියැදුරු හැර උපරිම වැඩිහිටියන් තිදෙනකුට පමණි. එහිදී ද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවිධි අනුගමනය කළ යුතුය.
එසේ වුවද රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ කර්මාන්තශාලා සඳහා සේවකයන් රැගෙන එන බස් රථ ඇතුළු අනෙකුත් වාහනවලින් සේවකයන් රැගෙන ඒමේදී සෞඛ්‍ය බලධරයන් ලබාදී ඇති සෞඛ්‍ය ආරක්ෂණ විධි ( මුඛ ආවරණ පැලඳීම, විසබීජහරණ දියර භාවිත කිරීම, ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම) නිසියාකාරව අනුගමනය කිරීමේදී එම වාහනයේ ආසන ප්‍රමාණයට මගීන් රැගෙන ඒමට අවස්ථාව ලබා දිය යුතුය.
10. සැලුන් සහ රූපලාවණ්‍යාගාර විවෘත කර පවත්වාගෙන යා හැකිය.
නමුත් එහිදී මූලිකව එම ආයතනය විසින් එලෙස පවත්වාගෙන යෑම සඳහා ප්‍රාදේශීය වෛද්‍ය නිලධරයන්ගේ සහතිකයක් ලබාගත යුතු අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නියම කර තිබෙන සෞඛ්‍ය ආරක්ෂණ විධි අනුගමනය කිරීම අදාළ ආයතන හිමිකරුවන්ගේ සහ සේවකයන්ගේ වගකීම වේ.
11. පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන විවෘත කර පවත්වාගෙන යෑමට අවසර ලැබේ.
එහිදී මූලිකව එම ආයතනය විසින් එලෙස පවත්වාගෙන යෑම සඳහා ප්‍රාදේශීය වෛද්‍ය නිලධරයන්ගේ සහතිකයක් ලබාගත යුතු අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නියම කර තිබෙන සෞඛ්‍ය ආරක්ෂණ විධි අනුගමනය කිරීම අදාළ ආයතන හිමිකරුවන්ගේ සහ සේවකයන්ගේ වගකීම වේ.
12. සංචාරක හෝටල් විවෘත කිරීමට අවසරය ලැබෙන නමුත් එම හෝටල්වල රෙස්ටුරන්ට් විවෘත කිරීම දැනුම්දෙනතුරු අත්හිටුවා ඇත.
විවෘත කරනු ලබන සියලුම සංචාරක හෝටල් හි, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය විසින් සකස් කර 2020.04.17 දින නිකුත් කර ඇති “Covid -19 සඳහා ප්‍රතිචාර දැක්වීම පිළිබඳව මෙහෙයුම් මාර්ගෝපදේශ සංග්‍රහය” සහ ඊට සමගාමීව වරින් වර නිකුත්වන උපදෙස් හා සෞඛ්‍ය ආරක්ෂණ විධි අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ.
13. ආර්ථික මධ්‍යස්ථාන ඇතුළු කොළඹ මැනිං වෙළෙඳපොළ ආදී තොග වෙළෙ¼දාමට අදාළ මධ්‍යස්ථාන පවත්වාගෙන යෑමට නිරෝධායන රීතීන්ට අනුව සහ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමට යටත්ව අවසරය හිමිවේ.
14. සියලුම ඉදිකිරීම් කටයුතු සඳහා අවසරය ලැබෙන අතර, ඉදිකිරීම් කර්මාන්තයට අදාළ භාණ්ඩ (ගල්, වැලි, උළු, ගඩොල් ආදිය) ප්‍රවාහනයටද අවසරය හිමි වේ. නමුත් ඉදිකිරීම් කටයුතු සිදුවන වැඩබිම් වෙත අත්‍යවශ්‍ය සේවකයන් පිරිසක් පමණක් කැඳවීම අදාළ කළමනාකාරීත්වයේ වගකීම වන අතර, කැඳවනු ලබන සෑම සේවකයකු වෙතම ලිපියක් නිකුත් කර තිබීම අවශ්‍ය වේ.
තවද සියලුම ඉදිකිරීම් වැඩබිම් තුළ සහ ඉදිකිරීම් කර්මාන්තයට අදාළ භාණ්ඩ ප්‍රවාහනයේදී ද සෞඛ්‍ය ආරක්ෂණ විධි අනුගමනය කළ යුතු අතර, ඒ පිළිබඳ වගකීම අදාළ කළමනාකාරීත්වයට පැවැරේ.
15. පහත දක්වා ඇති ආයතන / ස්ථාන නැවත දැනුම්දෙනතුරු, විවෘත කර පවත්වාගෙන යෑමට අවසර හිමි වී නොමැත.
i) සතිපොළ, දිනපොළ ආදී සමූහ වශයෙන් වෙළෙඳාම් සිදුවන ස්ථාන සහ මහජනයා බහුලව ගැවසෙන සමූහ වෙළෙඳපොළ (මහරගම - පමුණුව වැනි)
ii) කායවර්ධන මධ්‍යස්ථාන
iii) සම්බාහන ආයතන (Spa)
iv) සමාජ ශාලා
v) ඔට්ටු ඇල්ලීම් මධ්‍යස්ථාන
අනෙකුත් දිස්ත්‍රික්කවල ජන ජීවිතය
යථා තත්ත්වයට පත් කිරීම
බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල Covid - 19 වයිරසය ව්‍යාප්තිය පිළිබඳ අවම අවදානම සැලකිල්ලට ගෙන මේ වනවිට නිරෝධායන ඇඳිරි නීතිය බොහෝදුරට ලිහිල් කර ඇත.
කෙසේ නමුත් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක පවතින අවස්ථාවලදී මෙන්ම ඇඳිරි නීතිය ඉවත් කරන අවස්ථාවලදී ද පහත කරුණු ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.
1. රාජ්‍ය ආයතන / කාර්යාල විවෘත කර පවත්වාගෙන යනු ලැබේ. එහිදී සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කිරීමට ප්‍රමාණවත් (උදා: සමාජ දුරස්ථතාව පවත්වා ගැනීම ආදී) අත්‍යවශ්‍යම සේවකයන් ප්‍රමාණය ආයතන ප්‍රධානීන් විසින් තීරණය කර එම සේවකයන් ප්‍රමාණය පමණක් සේවයට කැඳවන ලෙසට ඔවුන් දැනුවත් කර ඇත.
මෙලෙස සේවකයන් කැඳවීමේදී හැකිතාක් දුරට අදාළ රාජ්‍ය ආයතන/ කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කය තුළ පදිංචි සේවකයන් කැඳවීමට ආයතන ප්‍රධානීන් වගබලාගත යුතුය.
එසේ වුවද අවශ්‍යතාව මත දිස්ත්‍රික්කයෙන් පිටත පදිංචි සේවකයන් සේවයට කැඳවීමට හැකියාව ඇත.
රාජ්‍ය ආයතනවල රාජකාරි සඳහා සේවකයන් ගමන් කිරීමේදී ඔහු ගමන් ආරම්භ කරන හෝ ළඟා වන ප්‍රදේශයේ, අදාළ වේලාවේ දී ඇඳිරි නීතිය බලපැවැත්වීම බාධාවක් නොවිය යුතු අතර, ඔහුගේ සේවා හැඳුනුම්පත හෝ ආයතනික ලිපියක් හෝ එම ලිපියෙහි ඉලෙක්ට්‍රොනික පිටපතක් ඇඳිරි නීතිය බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකිය.
ඉහත පරිදිම රාජ්‍ය ආයතනවල රාජකාරි නිම කර සේවකයන් ආපසු නිවෙස් වෙත ගමන් කිරීමේදී ද ඔහු ගමන් ආරම්භ කරන හෝ ළඟා වන ප්‍රදේශයේ, අදාළ වේලාවේ දී ඇඳිරි නීතිය බලපැවැත්වීම බාධාවක් නොවිය යුතු අතර, ඉහත පරිදි ඔහුගේ සේවා හැඳුනුම්පත හෝ ආයතනික ලිපියක් හෝ එම ලිපියෙහි ඉලෙක්ට්‍රොනික පිටපතක් ඇඳිරි නීතිය බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකිය.
තවද දිස්ත්‍රික් මායිම් පසුකරමින් රාජකාරී ස්ථානයට පැමිණෙන හෝ පිටව යන සේවකයන් සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි (MOH) සහතිකයක් ලබාගැනීම අවශ්‍ය නොවේ.
මෙලෙස රාජ්‍ය ආයතන/කාර්යාලවල කටයුතු සිදුකිරීමේදී, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය විසින් සකස් කර 2020.04.17 වන දින නිකුත් කර ඇති “Covid- 19 සඳහා ප්‍රතිචාර දැක්වීම පිළිබඳව මෙහෙයුම් මාර්ගෝපදේශ සංග්‍රහය” සහ ඊට සමගාමීව වරින් වර නිකුත්වන උපදෙස් හා සෞඛ්‍ය ආරක්ෂණ විධි අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වන අතර, එලෙස ක්‍රියා කිරීම අදාළ රාජ්‍ය ආයතනයේ / කාර්යාලයේ ප්‍රධානියාගේ වගකීම වේ. එසේම අදාළ මාර්ගෝපදේශයන්ට අනුකූල වන ලෙසට තම ආයතනය / කාර්යාලය තුළ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කර ක්‍රියාවට නැංවීම ද එම ආයතන ප්‍රධානියාගේ වගකීම වේ.
2. පෞද්ගලික ආයතන/කාර්යාල ද විවෘත කර පවත්වාගෙන යනු ලබයි.
එහිදී එම පෞද්ගලික ආයතනය / කාර්යාලය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කරන සේවක පිරිස පමණක් රැකියාව සඳහා කැඳවීමට අදාළ ආයතන ප්‍රධානීන් ක්‍රියා කළ යුතුය. එලෙස කැඳවන සේවකයන් වෙත ආයතනය මඟින් ලිපියක් යොමු කළ යුතු අතර, එම ලිපිය හෝ ලිපියෙහි ඉලෙක්ට්‍රොනික පිටපතක් හෝ ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට හැකියාව ඇත.
පෞද්ගලික ආයතනවල රැකියාව සඳහා සේවකයන් ගමන් කිරීමේදී ඔහු ගමන් ආරම්භ කරන හෝ ළඟාවන ප්‍රදේශයේ, අදාළ වේලාවේ දී ඇඳිරි නීතිය බලපැවැත්වීම බාධාවක් නොවිය යුතු අතර, ඔහුගේ සේවා හැඳුනුම්පත සහ ආයතනයෙන් ඔහුව රැකියාව සඳහා කැඳවන ලද ලිපියක් හෝ එම ලිපියෙහි ඉලෙක්ට්‍රොනික පිටපතක් ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකිය.
ඉහත පරිදිම පෞද්ගලික ආයතනවල රැකියා නිම කර සේවකයන් ආපසු නිවෙස් වෙත ගමන් කිරීමේ දී ද ඔහු ගමන් ආරම්භ කරන හෝ ළඟා වන ප්‍රදේශයේ, අදාළ වේලාවේ දී ඇඳිරි නීතිය බලපැවැත්වීම බාධාවක් නොවිය යුතු අතර, ඉහත පරිදි ඔහුගේ සේවා හැඳුනුම්පත සහ ආයතනයෙන් ඔහුව රැකියාව සඳහා කැඳවන ලද ලිපියක් හෝ එම ලිපියෙහි ඉලෙක්ට්‍රොනික පිටපතක් ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකිය.
ඉහත කරුණුවලට අමතරව ඡේද අංක 1 හි සඳහන් අනෙකුත් කරුණු අවශ්‍ය වෙනස්කම් සහිතව එහිදී අදාළ කරගත යුතුය.
3. පොදු ප්‍රවාහන සේවා (දුම්රිය හා බස් රථ) මඟින් මගී ප්‍රවාහනයේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිළිපැදීමට අදාළ බස් හිමියන්, රියැදුරන් හා කොන්‍ෙදාස්තරවරුන් ක්‍රියා කිරීම වැදගත් වේ.
විශේෂයෙන් මෙහිදී මගීන් මුව ආවරණ පැලඳ ගමන් කිරීම සහ බස් රථයේ ෙදාරටුවල විසබීජහරණ දියර සහිත බෝතල් (Hand Sanitizer/Alcohol Rub) සවිකර තිබීම අත්‍යවශ්‍ය වේ.
මෙලෙස මගී ප්‍රවාහනයේදී සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය විසින් සකස් කර 2020-4-17 දින නිකුත් කර ඇති ‘ඛ්ර්ණීඍධ්ච්-19 සඳහා ප්‍රතිචාර දැක්වීම පිළිබඳව මෙහෙයුම් මාර්ගෝපදේශ සංග්‍රහය” සහ ඊට සමගාමීව වරින් වර නිකුත් වන උපදෙස් හා සෞඛ්‍ය ආරක්ෂණ විධි අනුගමනය කිරීම අත්‍යවශ්‍යවේ.
04. අත්‍යවශ්‍ය මහජන සේවාවන් සැපයීම සිදුකරන සහ ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ අලෙවි කරනු ලබන තොග හා සිල්ලර වෙළෙඳසල් විවෘත කිරීමට අවසර ලැබේ.
මේ යටතේ ෆාමසි, ගේරාසරි, දුරකථන අලෙවි සල්, රෙදිපිළි අලෙවිසල්, පොත් අලෙවිසල්, පුවත්පත් අලෙවිසල් සහ ලොතරැයි අලෙවි කුටි සඳහාද අවසර ලැබේ. නමුත් නිසි සෞඛ්‍ය ආරක්ෂණ විධි අනුගමනය කිරීම අදාළ වෙළෙඳසල් හිමිකරුගේ සහ සේවකයන්ගේ වගකීම වේ.
05. කුඩා ආපනශාලා, ආහාර විකුණන කුඩා පෙට්ටි කඩ සහ රෙස්ටුරන්ට් විවෘත කර පවත්වාගෙන යෑමට අවසර ලබා නොදිය යුතු අතර ඒවා විවෘත කිරීම සම්බන්ධයෙන් කාලානුරූපීව ඉදිරියේදී සලකා බලනු ඇත.
06. අවසර ලබාදී ඇති ආහාර බෙදා හැරීමේ (Delivery Service) සේවා ආයතන සඳහා තවදුරටත් එම කටයුතු පවත්වාගෙන යා හැකිය.
07. සුපිරි වෙළෙඳසල් විවෘත කර පවත්වාගෙන යා හැකිය. එහිදී අදාළ සෞඛ්‍ය ආරක්ෂණ විධි අනුගමනය කිරීම එය හිමිකරුගේ සහ සේවකයන්ගේ වගකීම වේ.
08. ත්‍රිරෝද රථවල උපරිම ගමන් කළ හැක්කේ රියැදුරු හැර වැඩිහිටියන් දෙදෙනකුට පමණි.
එසේම කුලී කාර් රථ (Uber.Pick me වැනි) සඳහා අවසර ලබාදෙන අතර ඒ සඳහාද ගමන් කළ හැක්කේ රියැදුරු හැර උපරිම වැඩිහිටියන් තිදෙනකුට පමණි. එහිදීද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවිධි අනුගමනය කළයුතුය.
එසේ වුවද රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ කර්මාන්ත ශාලා සඳහා සේවකයන් රැගෙන එන බස් රථ ඇතුළු අනෙකුත් වාහනවලින් සේවකයන් රැගෙන ඒමේදී සෞඛ්‍ය බලධරයන් ලබාදී ඇති සෞඛ්‍ය ආරක්ෂණ විධි (මුඛ ආවරණ පැලඳීම, විසබීජහරණ දියර භාවිත කිරීම, ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම) නිසියාකාරව අනුගමනය කිරීමේදී එම වාහනයේ ආසන ප්‍රමාණයට මගීන් රැගෙන ඒමට අවස්ථාව ලබාදිය යුතුය.
09. සැලූන් සහ රූපලාවණ්‍යාගාර විවෘත කර පවත්වාගෙන යා හැකිය.
නමුත් එහිදී මූලිකව එම ආයතනය විසින් එලෙස පවත්වාගෙන යෑම සඳහා ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරයන්ගේ සහතිකයක් ලබාගත යුතු අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නියම කර තිබෙන සෞඛ්‍ය ආරක්ෂණ විධි අනුගමනය කිරීම අදාළ ආයතන හිමිකරුවන්ගේ සහ සේවකයන්ගේ වගකීම වේ.
10. පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන විවෘත කර පවත්වාගෙන යෑමට අවසර ලැබේ.
එහිදී මූලිකව එම ආයතන විසින් එලෙස පවත්වාගෙන යෑම සඳහා ප්‍රාදේශීය වෛද්‍ය නිලධරයන්ගේ සහතිකයක් ලබාගත යුතු අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නියම කර තිබෙන සෞඛ්‍ය ආරක්ෂණ විධි අනුගමනය කිරීම අදාළ ආයතන හිමිකරුවන්ගේ සහ සේවකයන්ගේ වගකීමවේ.
11. සංචාරක හෝටල් විවෘත කිරීමට අවසරය ලැබෙන නමුත් එම හෝටල්වල රෙස්ටුරන්ට් විවෘත කිරීම දැනුම්දෙනතුරු අත්හිටුවා ඇත.
විවෘත කරනු ලබන සියලුම සංචාරක හෝටල්හි, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය විසින් සකස් කර 2020.4.17 දින නිකුත් කර ඇති ‘“Covid -19 සඳහා ප්‍රතිචාර දැක්වීම පිළිබඳව මෙයෙයුම් මාර්ගෝපදේශ සංග්‍රහය’ සහ ඊට සමගාමීව වරින් වර නිකුත් වන උපදෙස් හා සෞඛ්‍ය ආරක්ෂණ විධි අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ.
12. ආර්ථික මධ්‍යස්ථාන ඇතුළු තොග වෙළෙදාමට අදාළ මධ්‍යස්ථාන පවත්වාගෙන යෑමට නිරෝධායන රීතීන්ට අනුව සහ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමට යටත්ව අවසරය හිමිවේ.
13. සියලුම ඉදිකිරීම් කටයුතු සඳහා අවසරය ලැබෙන අතර ඉදිකිරීම් කර්මාන්තයට අදාළ භාණ්ඩ (ගල්,වැලි, උළු, ගඩොල් ආදිය) ප්‍රවාහනයටද අවසරය හිමිවේ.
නමුත් ඉදිකිරීම් කටයුතු සිදුවන වැඩබිම් වෙත අත්‍යවශ්‍යම සේවකයන් පිරිසක් පමණක් කැඳවීම අදාළ කළමනාකාරිත්වයේ වගකීම වන අතර කැඳවනු ලබන සෑම සේවකයකු වෙතම ලිපියක් නිකුත් කර තිබීම අවශ්‍ය වේ.
තවද සියලුම ඉදිකිරීම් වැඩබිම් තුළ සහ ඉදිකිරීම් කර්මාන්තයට අදාළ භාණ්ඩ ප්‍රවාහනයේදීද සෞඛ්‍ය ආරක්ෂණ විධි අනුගමනය කළයුතු අතර ඒ පිළිබඳ වගකීම අදාළ කළමනාකාරිත්වයට පැවැරේ.
14. පහත දක්වා ඇති ආයතන/ ස්ථාන නැවත දැනුම්දෙනතුරු, විවෘත කර පවත්වාගෙන යෑමට අවසර හිමි වී නොමැත.
i) සතිපොළ, දිනපොළ ආදී සමූහ වශයෙන් වෙළෙදාම් සිදුවන ස්ථාන සහ මහජනයා බහුලව ගැවසෙන සමූහ වෙළෙඳපොළ (මහරගම- පමුණුව වැනි)
ii) කායවර්ධන මධ්‍යස්ථාන
iii) සම්බාහන ආයතන (Spa)
iv) සමාජ ශාලා
v) ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන
No comments:
Post a Comment