Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Sunday, May 10, 2020

ඇඳිරි නිතිය ඉවත් නොවන දිස්ත්‍රික් 04ක හෙට සිට කටයුතු වෙන්නේ මෙහෙමයි

jaliya senaratne

හෙට (11) දිනයේදී කොරෝනා අවධානම් ලෙස නම් කර ඇති කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වලට පනවා ඇති ඇඳිරි නිතිය තවදුරටත් බලාත්මකව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කර සිටිනවා.

සෙසු දිස්ත්‍රික්කවල ජනතාව සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් පිළිපැදීම අනිවාර්ය බවත් අත්‍යාවශ්‍ය කරුණකට හැර විවිධ උත්සව, රැස්වීම් ආදිය පැවැත්වීමෙන් වලකින ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර සිටියේ.

රාජකාරී කටයුතු සඳහා කාර්යාල වෙත කැඳවා ඇති පුද්ගලයින්ට දිස්ත්‍රික්කයන් අතර ගමනා ගමනය කිරීමේදී සිය රාජකාරි හැඳුනුම්පත හෝ කාර්යාලය මගින් ලබා දෙන ලිපියක් ආරක්ෂක අංශ වෙත ඉදිරිපත් කිරිමට අවශ්‍ය ඉඩ මෙහිදී ලබාදී ඇත.

රටේ ආරථික තත්ත්වය නගා සිටුවීම සහ මහජනතාවගේ අපහසුතාවයන් වැළැක්වීමේ අරමුණින් හෙට සිට රජයේ සහ පුද්ගලික අංශ කාර්යාල විවෘත කිරීම, වෙළදසැල්, ඖෂධ අලෙවිසැල් විවෘත කිරිමට නියමිතයි.

ඇඳිරි නිතිය පනවා ඇති දිස්ත්‍රික්කවල ජනතාව සිය අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට යාමේදී අදාළ දවසට නියමවී ඇති ජාතික හැඳුනුම්පත් අංකයේ අවසන් අංකය ඇති පුද්ගලයින් පමණක් නිවෙසින් බැහැරව යාමට කටයුතු කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර සිටියේ.

ඇඳිරි නිතිය ඉවත් කළ පමණින් කොරෝනා අවධානමක් නොමැති බව සිතා කටයුතු කිරීමෙන් වලකින ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දී සිටිනවා.

No comments:

Post a Comment

Post Bottom Ad