ලීසිං ආයතන මගින් ලබා ගෙන ඇති භාණ්ඩ හා වාහන සඳහා මාර්තු මාසයේ සිට මාස හයක් සඳහා ණය වාරික අයකිරීම කල්දමන ලෙසට මුදල් අමාත්‍යංශය දැණුම් දී තිබියදී එම මාස හයේ වාරික මුදල් ගෙවීමට ඇති ඉතිරි මාසවල ණය වාරික සඳහා එකතු කිරීමෙන් මෙතෙක් ගෙවීමට තිබූ ණය වාරික මුදල දෙගුණ වී ඇති බව ණය හිමියෝ පවසති.
ඒ අනුව මෙතෙක් ගෙවූ ණය වාරිකය අගෝස්තු මාසයේ සිට වැඩිවීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව ඔවුහු පවසති.
ණය ගෙවුම් ගිවිසුම් කාලය දිර්ඝ කරනුවෙනුවට වාරික අයනොකරන මාස හයට දඩමුදලක් සමග ගෙවීමට ඇති ඉතිරි ණය වාරිකවලට එම මුදල්ද එකතු කිරීමෙන් සිදුවන්නේ තමන් තවදුරටත් අසරණ කිරීම බව ඔවුන් පවසයි.
මේ සම්බන්ධයෙන් හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය සෙහාන් සේමසිංහගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ ඉදිරියේ පත්වීමට නියමිත නව ආණ්ඩුවක් බලයට පත්වීමෙන් පසු මේ සඳහා විසඳුම් ලබා දෙන බවත්, එතෙක් මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් දැනුවත් කිරීමට කටයුතු කරන බවත්ය.
Source - Aruna
No comments:
Post a Comment