කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට අද අලූයම 5 ට ලිහිල් කෙරුණු ඇදිරි නීතිය රාත්‍රී 8 සිට යළි පැනවෙනවා.
එම ඇදිරි නීතිය මැයි 11 සදුදා අලූයම 5 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
කෙසේ වෙතත්, කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට නැවත දැනුම්දෙනතුරු ඇදිරි නීතිය ක්‍රියාත්මකයි.
එම දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය පවතිද්දී ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 සදුදා සිට ආරම්භ කෙරෙනවා.
ඒ අනුව, එම දිස්ත්‍රික්කවල රාජ්‍ය සහ පෞද්ගලික අංශවල ආයතන විවෘත කොට පවත්වාගෙන යා යුතු අතර, පෞද්ගලික අංශයේ ආයතන උදෑසන 10 ට විවෘත කළ යුතු වනවා.
ආයතන විවෘත කොට පවත්වාගෙන යාමේදී කොරෝනා වෛරසය පාලනය සදහා නිර්දේශිත සෞඛ්‍ය මාර්ගෝපදේශ මුළුමනින්ම පිළිපදින බවට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
දෙඅංශයේම ආයතනවල සේවයට කැදවන සේවකයින් සංඛ්‍යාව ආදිය තීරණය කිරිම ආයතන ප්‍රධානීන්ට පැවරෙන අතර, ශ්‍රී ලංගම බස් රථවල සහ දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ රැකියා සදහා යන අයට පමණක් සීමා කෙරෙනවා.
ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සිදුවන්නේ කෙසේද යන මැයින් පසුගිය 4 වැනිදා ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්.
No comments:
Post a Comment