මෙරට මුස්ලිම් ජාතිකයන්ට ගෞරවනීය හා සුරක්ෂිත ජීවිතයක් ලබා දීමට නොහැකි නම් ඔවුනට ගෞරවණීය අවමංගල්‍යයන් පැවත්වීමට ඉඩ දෙන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි.
මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන සිදු කරන කටයුතු බෞද්ධ ඉගැන්වීමට පවා විරුද්ධ යැයි ඔහු පවසයි.
එනිසා එම කටයුතු වහාම නවත්වා දමන්නැයි ඔහු තම ට්විටර් ගුණුමේ සටහනක් තබමින් ඉල්ලා සිටී.
කොරෝනා ආසාදිත වීමෙන් යයි තහවුරු කරන තහවුරු නොකරන ලද නමුත් ඒ සලකා අාදාහනය කරන ලද පුද්ගලයෙකුගේ අවසන් අවස්ථාව සදහා භික්ෂූන් වහන්සේලා වැඩම කර සිටීම සම්බන්ධයෙන් තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා අතුරුදහන් වූයේ ද මිය ගියේද යන්නත් මිය ගියේ නම් ඔහුගේ මරණ සහතිකය ලබා දෙන්නැයි ඉල්ලමින් ඔහුගේ බිරිඳ චිත්‍රාංගනී විජේවීර මහත්මිය අධිකරණය හමුවේ ගොනුකරන ලද නඩුවක් මෑතකදී විභාගයට නොගෙන ඉවත දමනු ලැබීය. 88-89 භීෂණ කාලේදී රෝහණ විජේවීර පණ පිටින් උස්සා බොරැල්ල කනත්තේ උදුනට විසිකර මරණයට පත් කළේ යැයි පොදු මතයයි.
No comments:
Post a Comment