Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Friday, May 8, 2020

11දා සිට රට ඇරෙන්නේ මෙහෙමයි..!

එළඹෙන 11 වැනිදා සිට ක්‍රියාත්මක ජන ජීවිතය යථාවත් කිරීමේ ක්‍රියාවලිය යටතේ දිස්ත්‍රික් අතර ගමනා ගමනය පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ තීරණයක් ගැනීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ එළබෙන සෙනසුරාදා වන විට ඒ පිළිබඳ පැහැදිළි කිරීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙන බවයි. ඊට අදාළ ගැසට් නිවේදනයක්ද සකස් කරමින් පවතින බවයි පැහැදිළි කෙරුණේ.

ආසාදිත නොවන කලාපය සිට ආසාදිත නොවන කලාපයකට පැමිණීම ගැටලු සහගත නොවන බවත් තවදුරටත් හුදකලා කර ඇති ප්‍රදේශවලට ඇතුළුවීමට හෝ ඒ ප්‍රදේශවලින් පිටවීමට හැකියාවක් නැති බවත් සඳහන් කළා.

මේ අතර 11 වැනිදා සිට රාජ්‍ය සහ පෞද්ගලික ආයතන විවෘත කර පවත්වාගෙන යන ක්‍රියාවලියේදී ආයතන වෙත කැඳවිය හැක්කේ සේවකයින්ගෙන් තුනෙන් එකක් වන අතර අදාළ ආයතනයෙන් ඊට අදාළව සේවකයාගේ විස්තර සඳහන් කරන ලිපියක් සේවකයා වෙත යොමු කළ යුතු වනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මුල් අවස්ථාවේදී මෙම ලිපිය සේවකයා වෙත ලබා ගැනීම අපහසු විය හැකි බැවින් ආයතනය විසින් එලෙස සකස් කරන ලද ලිපියේ ඡායාරූපයක් සේවකයාගේ ඡංගම දුරකතනය වෙත එවීමෙන් එම ඡායාරූපය මාර්ග බාධකවල රාජකාරී කටයුතු කරන පොලිස් නිළධාරීන්ට පෙන්වා ගමනා ගමනයට අවසර ලබාගත හැකි බවයි.

එසේ ගමන් කිරීමේදී අදාළ සේවකයා සතුව රාජකාරී හැඳුනුම්පත තිබීම අනිවාර්යය වනවා.ඉන් පසු සේවා හැඳුනුම්පත සමග අදාළ ලිපියද ළඟ තබා ගැනීම අවශ්‍ය වනවා.

No comments:

Post a Comment

Post Bottom Ad