නව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගියෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හවිරීදි කාන්තාවක් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.
ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ථ නව කොරෝනා ආසාධිත මරණ සංඛ්‍යාව 08 ක්.
මේ අතර නව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 721ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එසේම සුවය ලැබූ තවත් රෝගීන් 07 දෙනෙක් රෝහලෙන් පිටවයාමත් සමඟ සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 194 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
No comments:
Post a Comment