කොරෝනා ව්‍යාප්තිය නිසා පීඩාවට පත් පවුල් සදහා වන රුපියල් 5000 අධාරය මැයි මාසය සඳහා ද ලබාදීමට ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් තීන්දු කර තිබේ.
ඒ අනුව අප්‍රේල් මාසයේදී එම දීමනාව ලැබූ පවුල් සහ තවත් අවශ්‍යයි සැලනෙන පවුල්වලට එම ආධාර මුදල බෙදා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් උපෙදස් දී ඇත.
එමෙන්ම වැඩිහිටි, ආබාධ හා වකුගඩු දීමනාද ගෙවන ලෙස ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් දැනුම් දී තිබේ.
කෙසේ වෙතත් විපක්ෂයේ පක්ෂ විසින් දිගින් දිගටම චෝදනා කළේ අපේ‍්‍රල් 30 වැනිදායින් පසු රාජ්‍ය මුදල් වැය කිරීමට ජනාධිපතිවරයාට හැකියාවක් නැති බවයි.
එවන් තත්වයකදී ජනාධිපතිවරයා විසින් කෝටි ගණක මුදලක් ජනතාවට ආධාර ලෙස බෙදාදීම සඳහා අනුමැතිය දී තිබීම විශේෂත්වයකි.
No comments:
Post a Comment