රෝගියා අසලට නොගොස් එම රෝගියාගේ උගුර, කණ සහ නාසය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට හැකි උපකරණයක් නිෂ්පාදනය කිරීමට හලාවත දිස්ති‍්‍රක් මහ රෝහලේ උගුර, කණ සහ නාසය පිළිබද විශේෂඥ වෛද්‍ය රිශ්නි සාකාෆ් සමත් වී තිබෙනවා.
සාමාන්‍යයෙන් රෝගියෙකුගේ උගුර, කණ සහ නාසය නිරීක්ෂණය කිරීමේදී වෛද්‍යවරයා ඔහු හෝ ඇය අසලට යාම සිදු කළ යුතුයි.
මෙම තත්ත්වය හේතුවෙන් යම් රෝගියෙකු සතු විෂබීජ වෛද්‍යවරයා වෙත ආසාධනය වීමේ හැකියාව ඉහළ මට්ටමක පවතිනවා. ඊට විසදුමක් ලෙසයි විශේෂඥ වෛද්‍ය රිශ්නි සාකාෆ් විසින් මෙම නව උපකරණය නිර්මාණය කර ඇත්තේ.
හලාවත දිස්ති‍්‍රක් මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල මල්ලවාරච්චි මෙම නව උපකරණයේ ඇති විශේෂතා පිළිබද මෙහිදී අදහස් පළ කළා
මෙවැනි උපකරණයක් මෙරට හෝ විදෙස් රටක මෙතෙක් නිෂ්පාදනය කර නොමැති බවයි හලාවත දිස්ති‍්‍රක් මහා රෝහලේ උගුර, කණ සහ නාසය පිළිබද විශේෂඥ වෛද්‍ය රිශ්නි සාකාෆ් වැඩිදුරටත් කියාසිිටියේ.



No comments:
Post a Comment