Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad


Monday, April 20, 2020

එළවලු මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක වෙද්දී දඹුල්ලේ ගොවීන් පාරේ එළවලු විකුණයි


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමත් සමඟ එළවළු රැගෙන පැමිණි ගොවීන් දඹුල්ල අවට ප්‍රධාන මාර්ගවල සහ විවිධ ස්ථානවල තබාගෙන තම එළවළු අලෙවි කිරීමේ වැඩසටහනක අද (08) දින පෙරවරුවේ සිට නිරතව සිටින අයුරු දැක ගැනීමට හැකි ව තිබෙනවා.

ආර්ථික මධ්‍යස්ථානය අද දින විවෘත කරන බවට පසුගියදා ප්‍රකාශ කර තිබුණු අතර ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම්දෙන තුරු වසා තැබෙන බව ඊයේ (07) දින පස්වරුවේ නැවත නිවේදනය කොට තිබුණා.

ඒ අනුව ඒ වන විටත් එළවළු අස්වනු නෙළා අවසන් වූ ගොවීන් මේ ආකාරයෙන් එළවළු දඹුල්ලට රැගෙන විත් තිබුණා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අවට ප්‍රදේශවල එළවලු තබාගෙන පිටස්තර ප්‍රදේශවලින් පැමිණෙන ව්‍යාපාරිකයන්ට මෙලෙස අලෙවි කිරීමේ කටයුතු සිදු වෙනවා.

මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක කොට තිබෙන අතර ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මෙහි මෙහෙයුම් නිලධාරියා ලෙසත් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලබනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් 150 දෙනෙකු සම්බන්ධ කරගෙන දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලැබෙන එළවළු ඇනවුම් ලබා ගැනීම මෙහිදී සිදු කෙරෙනවා.

දුරකථනයෙන් සහ ඊමේල් පණිවිඩ මගින් මෙම ඇණවුම් භාර ගෙන වෙළෙඳ සංගමයේ ව්‍යාපාරිකයන් හරහා ඔවුන්ගේ ගොවීන්ට ඇනවුම් ලබා දී අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එළවලු ප්‍රවාහනය කර දීම සිදු කරන බව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල්  ජයසූරිය පැවසුවා.

එළවළු විශේෂ තොග මිල ගණන් යටතේ මිලදී ගැනීම විශේෂත්වයක්. ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න කියා සිටියේ ව්‍යාපාරිකයන් ගොවීන් එක්ව මෙහෙයුම් මැදිරියෙන් රටපුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට එළවළු තොග මිල හදුන්වා දී ඇති බවයි.

ඒ අනුව කිලෝව ගෝවා රුපියල් 70, බෝංචි රුපියල් 100, ලීක්ස් රුපියල් 100, නුවරඑළිය කැරට් 130, කොළ බීට් (නුවරඑළිය) රුපියල් 50, කට් බිට් රුපියල් 60, තක්කාලි රුපියල් 60, මාලුමිරිස් රුපියල් 110, නෝකෝල් රුපියල් 40, බණ්ඩක්කා රුපියල් 50, පතෝල රු.50, කරවිල රුපියල් 60, කොහිල රුපියල් 60, පිපිඤ්ඤා රු.40, වට්ටක්කා රුපියල් 60, වම්බටු රුපියල් 80, දඹළ රුපියල් 60, එළබටු  රුපියල් 70, මෑකරල් රුපියල් 60, මුරුංගා රුපියල් 120, කැකිරි රුපියල් 30, තිබ්බටු  රුපියල් 200, ඇඹරැල්ලා රුපියල් 80, තුඹ කරවිල රුපියල් 200, ඉඟුරු රුපියල් 160, අතුගෝවා රුපියල් 180, කෙසෙල්මුව රුපියල් 60, සීනි කෙසෙල් රුපියල් 40, අබුල් කෙසෙල් රුපියල් 40, ගස්ලබූ 50, කොමඩු රුපියල් 30 යන මිල ගණන් යටතේ ගොවීන්ගෙන් මිලදී ගෙන දිවයින පුරා  ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට යවන බව දඹූල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න සඳහන් කළා.









No comments:

Post a Comment

Post Bottom Ad