මෙරට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් අතර එම වෛරසයේ ප්‍රභේද හතරක් සංසරණය වෙමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් සඳහන් කර සිටිනවා. එම විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ අංශයේ විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකළ කොවිඩ් වෛරසයේ සම්පූර්ණ ජානමය අනුක්‍රමණය කිරීමේදී මේ බව අනාවරණය කර ගෙන තිබෙනවා.
මෙරට හමුවූ කොරෝනා ආසාධිතයින් ගෙන් ලබා ගත් සාම්පල් වලින් මෙම පර්යේෂණය සිදුකර තිබෙනවා.
මහාචාර්ය නීලිකා මලවිගේ විසින් මෙම පර්යේෂක කණ්ඩායම මෙහෙයවා ඇති අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පිඨයට අනුයුක්ත වෛද්‍ය චන්දිමා ජීවන්දර සහ අනෙකුත් පර්යේෂණ විද්‍යාඥයින් ඒ සඳහා සහයවී තිබෙනවා.
වෛරස් වල සම්පූර්ණ ජානමය අනුක්‍රමණය ශ්‍රී ලංකාවේ සිදු කළ පළමු අවස්ථාව මෙය වනවා. මීට පෙර සිදුවූ සෑම අවස්ථාවකම වෛරස් අනුක්‍රමණය අවශ්‍ය වූ විට එම සාම්පල විදේශයන් වෙත යවා තිබුනත් ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකාවේ සමස්ත ජානමය අනුක්‍රමණයන් පරික්ෂා කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.
මේ වන විට කොරෝනා වෛරසයේ ප්‍රභේද කිහිපයක් ලොවපුරා සංසරණය වන අතර සමහර ප්‍රභේද අනෙක් ඒවාට වඩා වෛරස් බවයි විද්‍යාඥයින් සොයා ගෙන ඇත්තේ.

No comments:
Post a Comment