Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Friday, April 24, 2020

නාවික හමුදාවේ 30 දෙනෙක්ට කොරෝනා ආසාධනය වෙයි

වැලිසර නාවික හමුදාවේ සේවය කළ සෙබළුන් 29 දෙනෙක් නව කොරෝනා වෛරසය වැලදී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

ඊයේ (22) දිනයේදී පොළොන්නරුව ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාධිත නාවික සෙබලා ද ඇතුළු මෙලෙස නාවික හමුදා නිලධාරින් 30 දෙනෙක්ට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වී ඇති බව යුධ හමුදාපතිවරයා සඳහන් කලේ.

ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුර සම්පුරණයෙන් හුදෙකලා කිරීමට නාවික හමුදාපතිවරයා පියවර ගෙන ඇත.

පොලොන්නරුව ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාධිත රෝගියාට එම වෛරසය වැලදී ඇති බවට සැකපළ කරන්නේ පසුගියදා ජා-ඇල ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිත පුද්ගලයා සමග සම්බන්ධකම් දැක්වූ පිරිස් සොයා සිදුකළ නාවික හමුදා මෙහෙයුමකට එක්ව සිටි සෙබලෙක් ගෙන් බවයි මෙහිදී හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා නිවෙස් වෙත ගිය සියලුම නිලධාරීන් යලි කඳවුරට කැඳවා ඔවුන්ට නිරෝධායනයට යටත් කිරීමට නාවික හමුදාව මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇති බවද යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad