
වනාන්තර සහ අලිමංකඩ ආශි‍්‍රතව පවතින ගම්මාන නාගරික ප‍්‍රදේශවලට ගෙනඒමේ සැලසුමක් ඇතැයි තරුණ සහ කී‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ පවසනවා.
ඒ, ඊයේ (02) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්.
ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශි‍්‍රතව පිහිටා ඇති ලංකාගමට මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ඉකුත්දා දැඩි කතාබහක් මතු වුණා. නෙළුව, වාරුකන්දෙණිය, ලංකාගම හරහා දෙණියාය දක්වා මෙම මාර්ගය ඉදිකිරීමටයි සැලසුම් කර තිබුණේ. එම මාර්ගය ඉදිකිරීමෙන් සිංහරාජ පරිසර පද්ධතියට හානියක් සිදුවනවා නම් ලංකාගම ගම්මානය එම ස්ථානයෙන් ඉවත් කිරීමට නොහැකි දැයි ඇතැම් පාර්ශ්ව එහිදී අදහස් පළ කර තිබුණා.
අදාළ ප‍්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිවරයා නියෝග කළේ සිංහරාජ පරිසර පද්ධතියට කිසිදු හානියක් නොවන පරිදි සියළු රජයේ නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ මාර්ගය සංවර්ධනය කරන ලෙසයි.
ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනේදී වනාන්තර සහ අලිමංකඩ ආශි‍්‍රතව පවතින ගම්මාන සම්බන්ධයෙන් අමාත්‍ය නාමල් රාජපක්‍ෂගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු සඳහන් කළේ "අපේ වගේ රටක එක රැයකින් සංකල්ප වෙනස් කරන්න බෑ. මොකද අපේ රටේ වැඩිහිටි පරම්පරාව පුරුදු වෙච්ච ක්‍රමවේදයක් තියෙනවා. ඉදිරි කාලයේ අලිමංකඩවල් සහ වනාන්තර ආශ්‍රිත ගම්මාන අපි නාගරික ප්‍රදේශවලට ගෙනල්ලා තට්ටු නිවාස සංකල්පවලට අපි යන්න ඕනේ." යනුවෙනි.
පරිසර පද්ධති නම් කිරීම සම්බන්ධයෙන් යාවත්කාලීන වී ඇති තොරතුරු පිිළිබදවද ජනතාවට පැහැදිලි අවබෝධයක් ලබාදිය යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
(අමාත්‍ය නාමල් රාජපක්‍ෂ සහභාගි වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන තවත් සුළු වේලාවකින් පහතින් බලාපොරොත්තුවන්න.)
No comments:
Post a Comment