Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad


Thursday, September 10, 2020

ආනවිළුන්දාව අනවසරයෙන් එළි කිරීමට මුල් වූ පුද්ගලයා ? (වීඩියෝ)


ආනවිළුන්දාව “රැම්සා අභයභූමියට“ අයත් ප්‍රදේශයක් අනවසරයෙන් සහ අනීතික ලෙස එළිකර ඇත්තේ  ආරච්චිකට්ටටුව හිටපු ප්‍රාදේශීය සභා සභාපති ජගත් සමන්ත යන අයගේ ඉල්ලීම මත බව අදාළ පරිසර විනාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටු වාර්තාව අනාවරණය කරයි.

ආරච්චිකට්ටටුව ආනවිළුන්දාව “රැම්සා අභයභූමියට“ අයත් ප්‍රදේශයක් ඉස්සන් වගාව සඳහා අනුමැතියකින් තොරව ඩෝසර් කිරීම පිළිබඳව කරුණු අනාවරණය කිරීමෙන් අනතුරුව බලධාරීන්ගේ අවධානය ඒ වෙත යොමු වුණි.

ඒ අනුව මේ පිළිබඳව සොයාබැලීම සඳහා වනජීවි සහ වන සංරක්ෂණ අමාතයාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීමට විෂය බාර අමාත්‍ය සී බී රත්නායක මහතා විසින් පත්කරණු ලැබීය.

එම කමිටුවේ වාර්තාව පෙරේදා විෂයභාර අමාත්‍යවරයා වෙත ලබා දීමෙන් අනතුරුව ඊයේ (09) පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සිදුකළේය.

ආනවිළුන්දාව අභයභූමිය සහ “රැම්සා තෙත්බිම්“ ආශ්‍රිත වූ පරිසර විනාශය සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව උපුටා දැක්වීම.

“පොලීසියට ලබා දුන් සාක්ෂිවලට අනුව මෙම ඉස්සන් කොටුව ප්‍රතිසංස්කරණය කිරීමේ නිරත වූ ඩෝසර් හිමිකරු පෝරුවතොටගේ සුජිත් නිශාන්ත ප්‍රනාන්දු යන අය ලෙසත් ඉස්සන් කොටුව ශුද්ධ කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදුන් පුද්ගලයා වර්ණකුලසූරිය නිශාන්ත ප්‍රනාන්දු යන අය බවත් කමිටුව විසින් හඳුනාගෙන තිබේ.

ආරච්චිකට්ටටුව හිටපු ප්‍රාදේශීය සභා සභාපති ජගත් සමන්ත යන අයගේ ඉල්ලීම මත මෙම සුද්ධ කිරීම සිදුකර ඇති අතර ඔහු විසින් මීට පෙර අවස්ථා කිහිපකදී ද, අදාළ ප්‍රදේශය ඉස්සන් වගා ව්‍යාපෘති සඳහා මෙලෙස භාවිත කර තිබෙන බව ද මෙම වාර්තාවේ සඳහන්ය.

මෙම ජගත් සමන්ත යනු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සොහොයුරාය.

සිද්ධිය පිළිබඳව කමිටුව ලබාගත් සියලු සාක්ෂි සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ඔවුන් නිරීක්ෂණය කළ කරුණු ලෙස මෙම ඉඩම අනවසරයෙන් සහ අනීතික ලෙස ඉස්සන් ව්‍යාපෘතියක් සඳහා යොදාගැනීමට උත්සහ කර ඇති බව සඳහන් කර තිබේ.

ඒ අනුව අදාළ වරදකරුවන්ට රුපියල් 15000 සිට ලක්ෂ 05ක් දක්වා දඩ මුදලකට හෝ වසර 02කට නොඅඩු සහ වසර 05කට නොවැඩි බන්ධනාගාරගත කිරීම යන දඬුවමකට යටත් වන වරදක් බව කමිටු වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.“

No comments:

Post a Comment

Post Bottom Ad