
නැගෙනහිර මුහුදේ ගිනිගනිමින් ඇති ඉන්ධන නෞකාවේ අතුරුදහන් වූ නාවිකයා මියගොස් ඇති බව තහවුරු වී තිබේ.
මෙසේ මියගොස් ඇති නා නාවිකයා පිලිපීන ජාතික වූ බවට තොරතුරු තහවුරු කර ගෙන ඇත.
මේ වන විටත් එම නෞකාවේ ගින්න නිවීම සඳහා ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික යාත්‍රාවක් උත්සාහ දරමින් සිටිති.
ගුවන් මගින් ද ගිනි නිවීමේ කටයුතු සඳහා උත්සාහ දරමින් සිටී.
මේ වන තෙක් එහි ඉන්ධන ගබඩාවල ගිනි ඇවිලීමක් සිදුව නැති අතර ගිනි ගනිමින් ඇති එම යාත්‍රාව ශ්‍රී ලංකා වෙරළ තීරය දෙසට පා වෙමින් ඇත.
යම් හෙයකින් එය පුපුරා ගියහොත් එහි ඇති ඉන්ධන ටොන් මිලියන ගණනක් හේතුවෙන් ශ්‍රී ලංකා මුහුදු තීරය උතුර සිට දකුණ දක්වා විශාල හානියක් සිදු ඇති බවට දැනටමත් අනතුරු අගවා තිබේ.
No comments:
Post a Comment