Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Monday, July 20, 2020

තවත් පැන්තරා පාදුස් වර්ගයේ කදුකර කොටියෙකු මන්දකට හසු වි මියයයි

පැන්තරා පාදුස් වර්ගයේ තවත් කදුකර කොටියෙකු මන්දකට හසු වි (20) දින මියගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

නාවලපිටිය පොලිස් වසමට අයත් මාපකන්ද ප්‍රදේශයේ කෝපි ගසක් මත මන්ද සහිතව කොටියා මිය ගොස් ඇති බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ.

මාපකන්ද ප්‍රදේශයේ වගා භුමියක සතුන් දඩයම් කිරිම සදහා දඩයම්කරුවන් විසින් අටවන ලද මන්දකට හසු වි ඇති කදුකර කොටියා මන්ද කඩාගෙන විත් මාපකන්ද ප්‍රදේශයේ කෝපි ගසක නැග ඇති අතර එහිදි කෝපි ගසේ මන්ද සවි කර තිබු මුගුර ගසේ සිරවිම නිසා ඉන් බේරිමට කොටියා උත්සහ කර ඇති අවස්තාවේ කොටියා ගස මතම මිය ගොස් ඇත.

කොටියාගේ උදරය මන්දට හසු වි කොටියා දැඩි ලෙස තුවාල ලබා ඇත.

කෝපි ගස මත කොටියෙකු මියගොස් සිටින බවට ප්‍රදේශවාසින් විසින් නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් වෙත දැනුම් දි ඇත.

අවුරුදු 7 ක් පමණ වයසැති කොටි දේනුවක් මෙසේ මිය ගොස් ඇති බවත් , සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මිය ගිය කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා රණ්දෙණිගල පශු වෛද්‍යය රෝහල වෙත යොමු කරන බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad