Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Sunday, July 26, 2020

IDH රෝහලෙන් පැන ගොස් සිටියදී අල්ලා ගත් කොරෝනා ආසාදිතයා පිළිබඳ තවත් තොරතුරු

IDH රෝහලෙන් පළාගොස් සිටියදී සොයා ගැණුනු කොරෝනා ආසාදිතයා පිළිබඳ මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වෙමින් තිබෙනවා.

ඒ අනුව අදාළ රෝගියා තමන් ප‍්‍රතිකාර ලබමින් සිටි වාට්ටුවේ තිබූ කොස්සක් තමන් සිටි ඇඳමතින් තබා එම කොස්ස පොරෝනවලින් පොරවා රෝගියෙකු ඇඳමත සිටින අයුරු හැගවෙන පරිදි කටයුතු කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

අනතුරුව එම වාට්ටුවේ ඇති කවුළුවක් ගලවා ඒ තුළින් ඔහු වාට්ටුවෙන් පිටතට පැමිණ ඇති බවයි මේවනවිට අනාවරණ වී ඇත්තේ. 

මෙලෙස පළාගිය අදාළ රෝගියා කොළඹ ජාතික රෝහල අසලදී ඉකුත් දා සොයා ගැනුනු අතර පසුව ඔහු IDH රෝහල වෙත යළිත් ඇතුළත් කෙරුණා.

ඒ අනුව එම රෝගියා සහ ඔහුත් සමග IDH රෝහලට ඇතුළත් කළ තවත් රෝගියෙකු අද දිනයේදී යළි කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය වෙත යොමුකෙරෙනු ඇති බවයි යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත සඳහන් කළේ. 

කෙසේවෙතත්, පළාගිය මෙම රෝගියා සිය ගමන් මාර්ගය පිළිබඳ අනාවරණ කර ඇත්තේ අසත්‍ය කරුණු බවයි පොලීසිය ඊයේ පැවසුවේ. තී‍්‍රකුණාමලය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවෙක් ද වනවා. 

No comments:

Post a Comment

Post Bottom Ad