Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad


Tuesday, May 12, 2020

නාගරික සංවර්ධනයේ වේගවත් පිම්මකට ජනපතිගෙන් සැලසුම්


කොළඹ නගරය ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර රැසක් කේන්ද්‍ර කර ගනිමින් වේගවත් සංවර්ධන වැඩපිළිවෙළකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි. මේ සම්බන්ධයෙන් ක්‍රියාවට නැංවෙන සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍යාංශ ලේකම්වරුන්, නාගරික සංවර්ධන අධිකාරියට අයත් ආයතන, මාර්ග සංවර්ධන අධිකාරියේ, ආයෝජන මණ්ඩලයේ සහ වරාය අධිකාරියේ ඉහළ නිලධාරීන් සමඟ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ජන ජීවිතය යතා තත්වයට පත් කරමින් ආර්ථිකය විවෘත කිරීමත් සමඟ කලින් ඇණ හිට තිබූ සංවර්ධන ව්‍යාපෘති වේගවත් කළයුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

විදෙස් ණය නොගෙන ආයෝජනවලින් පමණක් නව සංවර්ධන වැඩ සිදු විය යුතු බව රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

සියලු ව්‍යාපෘති දේශීය ප්‍රතිපත්තියකට අනුකූල විය යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.

කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර පර්යන්ත සංවර්ධනය කඩිනමින් ආරම්භ කිරීම කෙරෙහි ද විශේෂ අවධානය යොමු කෙරිණ.

සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් හඳුනා ගනිමින් අත්පත් කර ගැනීමට දසාකච්ඡා විය.

අඩු, මධ්‍ය සහ ඉහළ ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීම ද ඇරඹේ.

විදෙස්හි සිට පැමිණෙන පිරිස් ඉලක්ක කර ගනිමින් සියලු පහසුකම් සහිත නිවාස ඉදිකර කුලී පදනම මත ලබාදීමේ වැඩසටහනක් කෙරෙහි ද අවධානය යොමු කෙරිණ.

විවිධ හේතුන් මත ඉදිකිරීම් නතර කර ඇති, කොළඹ නගරය ආශ්‍රිත සියලු මහා පරිමාණ ගොඩනැඟිලි සහ සංවර්ධන කටයුතු අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කර කඩිනමින් යළි අරඹන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

කොළඹ සහ සෙසු නගර යා කරමින් ඉදිකිරීමට අපේක්ෂිත මාර්ග පද්ධතියේ වැඩ වේගවත් කිරීමට ද තීරණය විය.

ප්‍රයෝජනයට නොගත් භූමි හඳුනා ගනිමින් සංවර්ධනය කර ඇති මංතීරු දෙපස පරිසර හිතකාමී කෘෂි කටයුතු ක්‍රියාත්මක කිරීමට ද යෝජනා කෙරිණ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද සාකච්ඡාවට එක්ව සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad