Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad


Sunday, May 3, 2020

හිමිනමක් ලෙස පෙනී සිටිමින් ව්‍යාජ විඩියෝ නිකුත්කළ ඩයස්පෝරා පිල්ලිය


අද වන විට සිංහල බෞද්ධයින් පන්සලෙන් ඈත් කරන්න නොයෙකු උපක‍්‍රම භාවිත කරන බවට අමුතුවෙන් කිවයුතු නැත. මේත් එවැනිම සිදුවීමක් ගැන ජනක මාධ්‍යවේදී අලහප්පෙරුම කළ අනාවරණයෙන් නිරුවත එලියට!

සිංහල බෞද්ධයිනි, මෙම වීඩියෝ දෙකම විමසිල්ලෙන් බලන්න. පළමුවැන්න මම මුලින්ම දුටුවේ මාතලේ සුනීත හිමිගේ මුහුණු පොතින්. මට මුලදී ඇති වූ ආවේගය, තරහව මැඩ පවත්වාගෙන නැවත නැවතත් නැරඹුවේ මෙහි මුල් කොටසේ සිංහල හඬ හොඳට හුරු පුරුදු නිසාවෙනි.

මොහොතකින් වැටහී ගියේ එය මඩකලපුවේ මංගලරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ගේ බවයි. මොහු බෞද්ධ භික්ෂුවක් නොවන බවත් සිවුරක් ආකාරයට තුවායක් හෝ වෙනයම් රෙද්දක් පොරව ගෙන සිටින සිංහල නොවන කෙනෙක් බවත් හොඳින් සවන් දීමේදී වැටහී ගියේය. තවද පළමු වීඩියෝවේ පළමු තත්පර 29ත් 32ත් අතර විමසිලිමත්ව නැරඹීමේදී මෙය හඬ පටයක් පසුබිමින් වාදනය කර මේ පුද්ගලයා ඔහුගේ හඬද එයට මුසු කරන බව මානව පෙනී ගියේය.

පසුව මෙය මා හඳුනන ශ්‍රී ලංකාවට ආදරය කරන දෙමළ ඩයස්පෝරාවේ ක්‍රියාකාරී කිහිප දෙනෙකු සමග බෙදා ගත්තේ ඔවුනුත් දැනුවත් කිරීමේ අරමුණිනි.

එවිට ඔවුන් පැවසුවේ ඒ වන විටත් එය විදේශගත මුළු දෙමල ප්‍රජාව තුලම සංසරණය වී අවසන් බවත් කොටි හිතවාදී මාධ්‍ය ජාලය ඒ සඳහා විශාල ප්‍රසිද්ධියක් ලබා දී ඇති බවත්ය. දින දෙකකට පසුව ඔවුන් මා වෙත මෙම දෙවන වීඩියෝව ලබා දුන්නේ පුද්ගලයා සොයා ගත් බවද පවසමිනි.

එම දෙවන වීඩියෝවේ ඔහු විසින් සිදු කලේ වරදක් බවත්, එයට සමාවත් ඉල්ලා සිටියි. එහෙත් ඔහු විසින් සිදු කර ඇත්තේ සුළු පටු වරදක් නොවේ. එමගින් සිදු වූ සුවිශාල හානිය ඔහුගේ සමාවෙන් මැකී නොයයි. හෙට අනිද්දා වෙන විට මොහුගේ මෙම වීඩියෝ පටයත් රැගෙන කොටි හිතවාදී දෙස් විදෙස් දේශපාලඥයෝ, NGO කාක්කෝ සහ සිංහල බෞද්ධ විරෝධී මොංගල කණ්ඩායම් රෙදි උස්සාගෙන එනවා නොඅනුමානයි.

එය බටහිර රටවල් නොමග යවන්නට ඔවුන් යොදා නොගන්නවා යැයි සහතික කල හැක්කේ කාටද?

මේ වන විටත් මේ වීඩියෝ පට දෙකම ශ්‍රී ලංකා රජයේ අදාළ අංශ වෙත අවශ්‍ය කටයුතු සිදු කිරීමට ලබා දී අවසන්. ශ්‍රී ලංකාවට එරෙහිව මෙවැනි ව්‍යජ වීඩියෝ පට බටහිර රටවල සංසරණය වුයේ අද ඊයේ නොවේ.

සිංහල ජනතාවත්, බුදු දහමත්, බෞද්ධ භික්ෂුවත් නිගාවට අපකීර්තියට පත් කරන මෙවැනි බොහෝ කූට උපක්‍රම මා මීට ප්‍රථමත් හෙළි දරව් කල අවස්ථා එමටය.

ඒ වෙනුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුලත්, ඉන් පිටතත්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යාල වල, චැනල් 4 නාලිකාව තුලත්, ඉන් පිටතත් තවත් බොහෝ තැන්වලත් සිදු කල කටයුතු බොහෝය. එහෙත් අවාසනාවකට සුළු පිරිසකට හැර, අපේ සමස්ථ දේශපාලන අධිකාරියේත්, බෞද්ධ භික්ෂුවගේත් ජනතාවගේත් ඇස් නොඇරීම පිළිබඳව ඇත්තේ දුකකි.

කනගාටුවකි. දැන හෝ නොදැන ජාති, ආගම් අතර මෙවැනි භේද, තරහා ආරවුල් ඇති කරන පුද්ගලයින් සොයා ගෙන වහාම නීතිය ක්‍රියාත්මක කල යුතුය. නැතහොත් ඔවුන්ව හෙළි දරව් කල යුතුය.එය වගකිවයුත්තන්ගේ රාජකාරියකි. සමාජ ක්‍රියාකාරිකයින් හා මාධ්‍යවේදීන් ලෙස අප අපගේ යුතුකම සිදු කර අවසන්ය.

එංගලන්තයේ සිටින ජේෂ්ඨ මාධ්‍යවේදීයෙක් වන ජනක අලහප්පෙරුම මහතාගේ ෆේස්බුක් ගිණුමෙන් උපුටාගන්නා ලදී

මේ සම්බන්ද වීඩියෝ පහතින් බලන්න

No comments:

Post a Comment

Post Bottom Ad