Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad


Friday, May 8, 2020

බ්‍රිතාන්‍යයේ නව වෙළද ඇමති රනිල් ජයවර්ධනගේ ගාල්ල බද්දේගම සම්බන්ධය


එංගලන්තයේ ඇමති ධුරයකට පත්වන පළමු ලාංකීය සම්භවයක් සහිත පුද්ගලයා රනිල් ජයවර්ධනයි. ඔහුගේ ශ්‍රීලංකා සම්බන්ධතාවය ගැන ඔහුගේ නෑදෑයෙකු වන සෝමදාස අබේවික්‍රම තැබූ සටහනක් මේ.

බද්දේගම, නයාපාමුල, ගොඩෙිවත්තේ උපන්, දොන් තෙපානිස් අල්විස් අබේවික්‍රම මහතා ( ගොඩෙි වත්තේ ලොකු මහත්තයා ) ගාලු ගගබඩ පත්තුවෙි, සිංහලයෙකු ඇරඹි පුථම තේ කමිහල, ”ගොඩෙි වත්ත තේ කමිහල” යනුවෙන් විවෘත කළේය.

බද්දේගමට පලමුවෙන් මෝටර් රථයක් ගෙන ඒන්නේ, මහ බෝමන් නැමති සුදු ජාතිකයාය.

බද්දේගමට රැගෙන ඒන දෙවන මෝටර් රථය, හෙවත් සිංහලයෙකු ගමට ගෙන ආ පුථම මෝටර් රථය ගෙන ඒන්නේද ,දොන් තෙපානිස් අල්විස් මහතාය.

දොන් තෙපානිස්ට ඇන්ඩෲ, සයිමන්, හෙන්රි, ආතර් හා වින්සන්ටි නමින් පුතුන් පස් දෙනෙක්ද ,දියණියන් හත් දෙනෙක්ද විය.

පුතුන් තිදෙනෙකු බද්දෙගම ගම් සභාපති ධුරය දැරීය. පුතුන් දෙදෙනෙකුම උප ඇමතිවරු විය. ඒක් පුතෙක් කැබිනටි ඇමතිවරයෙක් විය..තවත් පුතෙකු ලංකාවෙි පලමු සිංහල ඉංජිනේරුවන් පස් දෙනාගෙන් කෙනෙකු විය. තෙපානිස් ගේ බෑණාවරු දෙදෙනෙක්ද ගමි සභාපතිවරු විය.

දොන් තෙපානිස් අල්විස් අබෙිවිකුම ගේ ඒක දුවක් වූ ඩෙිසි අබෙිවිකුම මෙනෙවිය , විවාහ වුයේ අගුරුවාතොට, මදුරාවල ඉඩමි හිමි වැවිලිකරුවෙකු වූ මුංවත්ත බාගෙ පත්තුව ගමි සභාපතිවරයා වු හෙන්රි ජයවර්ධන මහතා සමගය.

”හෙන්රි +ඩෙිසි ” විවාහයෙන් ඹවුන්ට ලක්ෂ්මන්, අසෝක, නලීන් හා ආනන්ද නමින් පුතුන් හතර දෙනෙක්ද මල්ලිකා හා දේවිකා නමි දුවරු දෙදෙනෙක්ද විය.

1978 නලින් ජයවර්ධන මහතා ඒංගලන්තය බලා පිටත්ව යන්නේය. ඒහිදි ඉන්දිය සමිභයක් ඇති ඉන්දිරා නමි කත හා විවාහ විය. ඔහු ඒංගලන්තයේ එක මහේස්ත්‍රාත්වරයෙක් බවට පත් වන්නේය.

නලින් ජයවර්ධන සිය බිරිඳ සමග
ඔහුට විවාහයෙන් දරුවන් තිදෙනෙකු ලැබෙන අතර 1986 සැප්තැමිබර් මස 03 වනදා උපත ලද පුතා රනිල් මැල්කමි ජයවර්ධන ලෙස නමි ලැබුවෙිය.

ආර්ථික විද්‍යාව පිලිබඳ ගෙෘරව උපාධියක් හිමිකර ගන්නා, රනිල් ජයවර්ධන දේශපාලනයට පිවිස, ඊසාන හැමිප්ෂෙයාර් අසුනට, කොන්සේටිවි පක්ෂයෙන් තරග කොට, ප්‍රතිවාදී ඉංග්‍රීසි ජාතිකයා, වැඩි ජන්ද 20,000 කටත් වඩා වැඩි ප්‍රමාණයකින් පරදා එම ජයග්‍රහණය ලබා ගත්තේය.

ඔහු මේ වනවිට මහ මැතිවරණ තුනක් ජය ගෙන ඇත. හිටපු එංගලන්ත අගමැතිනි තෙරේසා මෙි මහත්මිය රනිල් ශ්‍රී ලංකාවෙි වෙළද තානාපතිවරයා ලෙසද පත් කළේය.

දැනට වසර 4කට පමණ පෙර, මහේස්ත්‍රාත්ධුරයෙන් විශාම ගත් නලින් ජයවර්ධන මහතා ( රනිල්ගේ පියා ) ලක්දිවට පැමිණි අතර අගුරුවාතොට මදුරාවල සිය ගමට අමතරව බද්දේගමට ද නෑයින් බැලීමට පැමිණියේය.
දැනට වසර 2 ක‌ට පමණ පෙර රනිල් ජයවර්ධන මහතාද තවත් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු පිරිසක් සමග ගාලු යන අතරතුර, අධිවේගයෙන් හැරී, බද්දේගම නෑයින් හමුවීමට පැමිණියේය.

බද්දේගම ගොඩෙිවත්තේ ඔවුන් වෙනුවෙන් භෝජන සංග්‍රහයක්ද පැවැත්වුණි. දොන් තෙපානිස්ගේ මුණුපුරෙකුවු ආනන්ද ලැනරොල් ඒය සංවිධානය කල අතර දොන් තෙපානිස්ගේ මුණුපුරෙකුවු මාද එයට සහභාගි වුනෙමි.

මෙි සදහා ආනන්ද ලැනරෝල් මහතාගේ පුතෙක්වු කණිෂ්ක ලැනරෝල් හා මගේ ආරාධනයෙන් මාධ්‍යවෙදි සංඛ විජේසූරිය යන මහත්වරුන් සහභාගී වුහ.

”ආචිචි උපන් ගෙය දැකීමට ආසදැයි” මා ඇසු කල, රනිල් ඒයට කැමැත්ත පල කළේය. මමත් ආනන්ද ලැනරෝලුත්, රනිල් සමග පයින් ගොස්, ඹහුට සිය ආචිචි උපන් පැරණි වලවිව පෙන්නුවෙමු. ඉතා සුහද ලෙස අප ඹවුන්ගෙන් සමුගත්තෙමු.

පසුව රනිල් ජයවර්ධන, කොන්සේටිවි පක්ෂයේ උප සභාපති දූරයටද පත් විය.

බිුතාන්‍ය අගුාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා විසින් ,හිටපු වෙළද ඇමති කෝයර් ‌බොන්ස්ගේ ඉවත්විම නිසා, ඒම පුරප්පාඩුව සදහා ,නව වෙළද ඇමතිවරයා ලෙස රනිල් ජයවර්ධන මහතා පත් කොට ඇත. ශිූ ලාංකිකයන් ලෙස අපි ඔහුට සුභ පතමු.

සෝමදාස අබේවික්‍රම

නලින් ජයවර්ධන සිය බිරිඳ සමග
රනිල් ජයවර්ධන බද්දේගමට පැමිණි අවස්ථාවක්

No comments:

Post a Comment

Post Bottom Ad