Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad


Monday, May 11, 2020

ජන ජීවිත යථාවත් කිරීම පිළිබඳ තවත් උපදෙස් මාලාවක්


කොළඹ සහ ගම්පහ යන දිස්ති‍්‍රක්කවල ඇඳිරි නීතිය කි‍්‍රයාත්මකව තිබියදීත් ජන ජිවිතය යථා තත්ත්වය පත් කිරීම පිළිබඳ තවත් උපදෙස් මාලාවක් පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා.

අත්‍යාවශ්‍ය මහජන සේවා සපයන ආයතන, ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ අලෙවි කරන වෙළදසැල් විවෘත කිරීමට අවසර හිමිවන බවයි එහි දැක්වෙන්නේ. ඒ යටතේ ඖෂධ අලෙවි සැල්, සිල්ලර වෙළදසැල්, රෙදි පිළි අලෙවි සැල්, සන්නිවේදන මධ්‍යස්ථාන, පොත් හා පුවත්පත් අලෙවි සැල් සහ ලොතරැයි අලෙවි කුටිද විවෘත කළ හැකියි.

කෙසේවෙතත් මහජනතාව ආහාර හෝ වෙනත් ද්‍රව්‍ය මිලදී ගැනීමට හෝ සේවා ලබා ගැනීමට යා යුත්තේ එම ද්‍රව්‍ය අලෙවි කරන හෝ සේවා සපයන තමන් පදිංචි ස්ථානයට ආසන්නම වෙළද සැල හෝ සේවා ස්ථානය වෙත පමණක් බව පොලිසිය අවධාරනය කරනවා.

සුපිරි වෙළද සැල්ද විවෘත කර පවත්වාගෙන යා හැකි බවයි පොලිසිය පවසන්නේ කෙසේවෙතත් එම වෙළද සැල්වලද සෞඛ්‍යආරක්ෂන උපදෙස් පිළිපැදිය යුතු බව අවධාරනය කෙරෙනවා.

දැනට අවසර ලබා දී ඇති ආහාර බෙදා හැරීමේ හෙවත් ඩිලිවරි සේවාද තවදුරටත් පවත්වාගෙන යා හැකියි.

විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සහ කොළඹ මැනිං වෙළද පොල වැනි තොග වෙළදාම සඳහා වූ මධ්‍යස්ථාන ද විවෘත කර පවත්වාගෙන යාමට අවසර හිමි වනවා. කෙසේවෙතත් එම ස්ථානවල ද සෞඛ්‍යආරක්ෂන උපදෙස් පිළිපැදිම අනිවාර්යය බවයි පොලිසිය සිහිපත් කරන්නේ.

සියලූ ඉදිකිරීම් කටයුතු සඳහා ද, ඉදිකිරීම් සඳහා අවශ්‍ය ගල්, වැලි, උළු වැනි දෑ  ප‍්‍රවාහනයටද අවසර හිමිව තිබෙනවා.

කෙසේවෙතත් වැඩ බිම් වෙත අත්‍යාවශ්‍ය සේවකයන් පමණක් කැඳවීමට ඉදිකිරීම්කරුවන් කටයුතු කල යුතු බවයි පොලිසිය අවධාරනය කරන්නේ.

බාබර් සාප්පු සහ රූපලාවන්‍යාගාරද, පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානද විවෘත කර පවත්වාගෙන යා හැකියි. එහෙත් ඒ සඳහා ප‍්‍රාදේශිය වෛද්‍ය නිලධාරීවරයාගෙන් සහතිකයක් ලබා ගත යුතු වනවා. එම ස්ථානවල ද සෞඛ්‍යාරක්ෂන උපදෙස් කි‍්‍රයාත්මක කිරීම අනිවාර්යයි.

කුඩා ආපන ශාලා, ආහාර අලෙවි කරන පෙට්ටි කඩ හෝ අවන්හල් පවත්වාගෙන යාමට අවසර හිමිවන්නේ නැහැ. සංචාරක හෝටල් විවෘත කළ හැකි නමුත් ඒවායේද අවන්හල් විවෘත නොකළ යුතු බව පොලිසිය නිකුත් කළ උපදෙස් මාලාවේ දැක්වෙනවා.

සතිපොළ හා දිනපොළ වැනි සමූහ වශයෙන් වෙළදාම් කරන ස්ථාන, කායවර්ධන මධ්‍යස්ථාන, සම්භාහන ආයතන, සමාජ ශාලා සහ ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථානද තවදුරටත් වසා තැබිය යුතුයි. 

මේ අතර මහජන අවශ්‍යතාවක් සඳහා බැහැරව යාමට ඇඳිරි නීති බලපත‍්‍රයක් ලබා ගෙන ඇති පෞද්ගලික වාහන සඳහා එලෙස බැහැරව යාමට අද සිට අවසර ලැබෙන්නේ පෙරවරු 10.30ත් සහ පස්වරු 03.00ත් අතර කාලයේදී පමණක් බව පොලිසිය පවසනවා. එහිදී ද මුව ආවරණ පැළදීම අනිවාර්යය බවයි සිහිපත් කෙරුණේ.

තී‍්‍රරෝද රථවල ගමන් කළ හැක්කේ රියදුරු හැර පුද්ගලයින් දෙදෙනෙකු පමණක් බවද පොලිසිය පැවසුවා. කුලී මෝටර් රථවල ගමන් කිරීමට අවසර ලැබෙන්නේ රියදුරු හැර පුද්ගලයින් 03 දෙනෙකුට පමණයි.

පොදු ප‍්‍රවාහන සේවාවල ද සෞඛ්‍යාරක්ෂණ උපදෙස් පිළි පැදීම අනිවාර්යය වනවා.

No comments:

Post a Comment

Post Bottom Ad