Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad


Tuesday, May 5, 2020

මාව රොෂාන් අයියට භාර දෙන්න බයක් දැනුණේ නැහැ

Thilakshini Ratnayake, Thanamalvila Kollek, Sulo

මේ දවස්වල තිලක්‍ෂිණි අපිට මුණගැහෙන්නේ සුලෝ විධියට. තණමල්විල කොල්ලෙක් තුළ සුලෝ විදිහට කරන ගනුදෙනුව මොකක්ද කියලා මුලින්ම කියමු?
තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍යයේ ප්‍රධාන කතානායකයා දීප්ත. දීප්තගේ ගමේ ඉන්න යාළුවෝ අතර ඉන්න එක චරිතයක් තමයි මම. සුලෝ කියන්නේ සංකීර්ණ චරිතයක්. ඇය දීප්තට හරිම ආදරෙයි. මිත්‍රත්වය, සහෝදරත්වය, වගේම ඊට එහාගිය මිශ්‍රණයක ආදරයක් සුලෝට දීප්ත ගැන තියෙන්නේ. ඒකත් එක්ක ඔවුන් ජීවිතවල විවිධ සිද්ධීන්ට මුහුණ දෙන දේවල් තමයි දීප්තගේ මතකයක් විධියට මේ දිගහැරෙන්නේ.

තණමල්විල කොල්ලෙක් වෙනුවෙන් ඔබව රොෂාන් අල්ල ගත්තේ කොහොමද?
රොෂාන් අයියයි මමයි මීට කලින් හඳුනාගෙන හිටියේ නෑ. නමුත් රොෂාන් අයියා මං කළ වැඩ ගැන දැනගෙන හිටියා. ඉතින් රොෂාන් අයියා මට කතා කරලා ඇහුවා ඔහුගේ නිර්මාණයේ මෙහෙම චරිතයක් තියෙනවා කරමුද කියලා. රොෂාන් අයියා කියන්නේ අතිදක්ෂ නළුවෙක්. මම ඔහුගේ ආසාවෙන් බලපු නාට්‍ය තියෙනවා. ඔහු රඟපාපු නිර්මාණ හරහා මම ඔහුව විශේෂ විධියට දැක්කා. නළුවෙක් විධියට මම ඔහුට ආදරය කළා. ගරු කළා. ඔහුගේ පළමුවැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට කතා කළාම මට නිකන් තෑග්ගක් ලැබුණා වගේ. මම පොඩි කාලේ ඉඳන් ආදරය කළ චරිතයක් ඔහුගේ පළමුවැනි වැඩේට කතා කළාම ඒකේ එක සීන් එකක හරි ඉන්න කැමැති වුණා.

ඒ කියන්නේ රොෂාන්ගේ යෝජනාවට තිලක්‍ෂිණි එක පයින් කැමැති වුණා?
ඔව්. වැඩක් කරනවා, ඒ වැඩේට එනවද ඇහුව ගමන් මම හා කිව්වා. මට ඔහුගේ වැඩේට බෑ කියන්න කිසිම කාරණයක් තිබ්බේ නෑ. ඔහු කරන දේ ගැන මට අතිශය විශ්වාසයක් තිබ්බා. ඒ නිසා මාව රොෂාන් අයියට භාර දෙන්න බයක් ඇති වුණේ නැහැ.

රොෂාන් අධ්‍යක්ෂණයට අලුත්. ඔහුගේ වැඩේ ගැන තිලක්‍ෂිණි දෙගිඩියාවක් තියාගෙන ඉදලා නෑ වගේ?
ඒ වැඩේ අවදානමක් ගැන මට ඇත්තටම හිතුණේම නැහැ. රොෂාන් රවීන්ද්‍ර කියන නළුවා අධ්‍යක්ෂණයට ආවම මට ඔහුගේ දේවල් ප්‍රශ්න කරනවාට වඩා ඔහු කරන දෙයින් මට ඉගෙන ගන්න දෙයක් තියෙයි කියලා මට හිතුණා. ඔහු මගෙන් බලාපොරොත්තු වෙන දේ එක්ක ඒක ඒ තැනට උස්සගෙන යන්න තමයි මම උත්සාහ කළේ. පිටපත කියෙව්වට පස්සේ මම ඒ වෙනුවෙන් සූදානමක් වුණා. ඒක අවදානමකට වඩා මම අභියෝගයක් කරගත්තා.

සුලෝගේ චරිතයේ තිබෙන සංකීර්ණත්වය එක්ක අභියෝග තිබුණාද?
පිටපත කියෙව්වට පස්සේ මම සුලෝගේ චරිතය විනිශ්චය කරන්න ගියේ නැහැ. මම කළේ ඒ චරිතයට අවශ්‍ය දේ මගෙන් පිටවෙන්න දුන්න එක. ඒ චරිතය හිතන පරාසය මට අභියෝගයක් වුණා. මම මාව අතහැරලා. සුලෝගේ ස්වභාවය පිටවෙන්න ඉඩ දුන්නා.

තණමල්විල කොල්ලෙක් නිසා තිලක්‍ෂිණිගේ කොණ්ඩෙට වසන්ත මොකද කළේ?
තණමල්විල කොල්ලෙක් නාට්‍ය කරන්න කලින් මගේ කොණ්ඩය උරහිසට පල්ලෙහාට තිබුණා. මේ නාට්‍යයේ වේශ නිරූපණය කළ වසන්ත පූර්ණවංශ අයියාට සුලෝගේ චරිතය සම්බන්ධයෙන් අදහසක් තිබුණා. ඔහු මගෙන් ඇහුවා ඒ චරිතය වෙනුවෙන් කොණ්ඩය කපමුද කියලා. මුලින් මම කොණ්ඩේ කපන්න බය වුණා. සුලෝ වෙනස් චරිතයක්. ඉතින් ඒ චරිතයට ඒ ස්වභාවය ගැළපෙන බව ඔහු කිව්ව දේවල්වලින් තේරුම් ගත්තම මම කොණේඩේ කපන්න කැමැති වුණා.

දුෂ්කර පසුබිමක රූගත කිරීම් කළත් දන්න කියන යාළුවෝ පිරිසක් එක්ක රඟපාන්න ලැබුණ නිසා වෙහෙසක් දැනෙන්නේ නැතිව ඇති?
තිස්සමහාරාමය, තණමල්විල අවට තමයි රූගත කිරීම් කළේ. ඇත්තටම ඒ අමාරුම තත්ත්වයන් විඳගත්තේ යාළුවෝ හිටපු නිසා. යශෝධා අක්කා, සුලෝචනා අක්කා, හේමසිරි ලියනගේ අංකල් වගේ පිරිසක් එක්ක දර්ශන තලයක ඉන්න ලැබීමම වටිනවා. ඔවුන් ඔවුන්ගේ පරණ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තා. ඒක රසවත්, අර්ථවත් කාල පරිච්ඡේදයක්. හරිම ආසාවෙන් ඒ කාල පරිච්ඡේදය ගත කළේ. අංජන, ධනුක, දස්සා, කසුනි, ඇතුළු පිරිස එකතු වුණාමත් පිස්සු නටනවා අපි.

සුලෝගේ චරිතය එළියට දාන්න අනෙක් අයගෙන් ලැබුණ සහයෝගය කොයි වගේද?
තණමල්විල කොල්ලෙක් නාට්‍යයේ පිටපත රචනා කළේ සුසිත් විජේවර්ධන අයියා. මම ඔහු එක්කත් මේ චරිතයට අවශ්‍ය දේවල් කතා කළා. සහෝදර ශිල්පීන් එක්ක වැඩ කරද්දී වුණත් කතාබහ කරලා දේවල් බෙදා හදාගන්න පුළුවන්. සුලෝගේ චරිතය දිගහැරෙන පරාසය කොතරම්ද කියලා තිබ්බ ගැටලුව මම සුසිත් අයියා එක්ක කතාබහ කරලා ලිහා ගත්තා. රොෂාන් අයියට ඒ ඒ චරිතවල ගමන ගැන පැහැදිලි අදහසක් තිබුණා. ඔහුගේ මඟපෙන්වීම එක්ක සුලෝගේ චරිතය එළියට දාන්න පුළුවන් වුණා. රූගත කිරීම් කරන කාලෙදී වුණත් චරිතයට ලෑස්ති වෙන්න අපිට කාලය තිබ්බා. ඒ නිසා මනසින් ඒ චරිතයට ලක ලැහැස්ති වුණා.

තණමල්විල කොල්ලෙක් එක්ක මුණ ගැහෙන සුලෝව ප්‍රේක්ෂකයෝ වැලඳ ගෙන තිබෙන්නේ කොහොමද?
සමහර අය නම් සුලෝගේ චරිතය හැසිරෙන විධියට කැමැති නැහැ. සුලෝ තමන්ට පෙම්වතෙක් ඉඳිද්දි දීප්තට තමන්ගේ හැඟීම් නිදහසේ එළිදක්වනවා. ඒ චරිතයට මිශ්‍ර ප්‍රතිචාර ලැබෙනවා. බහුතරය ඒ චරිතයේ රංගනය ගැන ආසාවෙන් කතා කළා. අගය කළා.මගේ චරිතයට විශේෂ අවධානයක් තියෙයි කියලා මම හිතුවේ නැහැ. නමුත් ලැබෙන ප්‍රතිචාරවලින් එහෙම විශේෂ අවධානයක් තිබෙනවා කියලා පේනවා.

ඔබ වෘත්තීයමය රංගන ශිල්පිනියක්ද?
ඔව්.

පවතින තත්ත්වයන් එක්ක වෘත්තීයමය මට්ටමේ රැඳෙන්න පහසුද?
පහසු නැහැ. මගේ අම්මගෙන් මට ලොකු හයියක් ලැබෙනවා. මට කන්න, බොන්න එයාලා දෙනවා. මම කොළඹ හැදුණේ. මගේ ජීවිතේ ස්ථාවරයක් තිබෙන නිසා කලාවේ වෘත්තීයමය මට්ටමේ පවතිනවා. බොහෝ කලා ශිල්පීන් ලොකු කට්ටක් කන්නේ. නමුත් හොඳ මට්ටමේ වැඩකරන්න ඔවුන් උත්සාහ කරනවා.

කලා ක්‍ෂේත්‍රයේ රැඳෙද්දී ලැබෙන මූල්‍යමය වටිනාකම ගැන ඔබ තෘප්තිමත්ද?
ක්‍ෂේත්‍රයට එද්දී මට මූල්‍යමය වටිනාකම ගැන ලොකු අදහසක් තිබ්බේ නෑ. කායිකව හා හැඟීම් ප්‍රකාශනය අතින් වැයවන ශක්තිය මිල කළ නොහැකි තක්සේරුවක්. චරිතයක් නිරූපණය කරද්දී අපි ශාරීරිකව, හැඟීම් ප්‍රකාශනයන්ගෙන් තව මනුස්සයෙක් බවට පත්වෙනවා. ඒ වෙනුවෙන් වූ තක්සේරුව මිල කළ නොහැකියි. මම වැඩ කළ නිර්මාණවල මට ඒ වටිනාකම දුන්නා. ලංකාවේ කලාව කර්මාන්තයක් ලෙස දියුණු වෙමින් ගොඩනඟා ගනිමින් යන තත්ත්වයක් තියෙන්නේ. එය හොඳ තත්ත්වයකට හැදුණු කාලෙක යම් වටිනාකමක් තියෙයි. එතකල් දුක් කම්කටොලු දරාගෙන අපි ආස වැඩේ කරන්න ඕනේ. වැඩේට ගියාම කීයක් හම්බෙනවාද කියලාවත් අපිට මතක නැහැ.

එතකොට කලාකරුවන්ට ලැබෙන පිළිගැනීම ගැන මොකද හිතෙන්නේ?
අධ්‍යක්ෂවරු, නළු නිළියෝ, වේශ නිරූපණ ශිල්පීන් ඇතුළු කලාකරුවන්ගෙන් තිබෙන පිළිගැනීම හොඳ මට්ටමක තියෙනවා. නමුත් ප්‍රේක්ෂකයන්ගෙන් අතළොස්සක් අපි කරන්නේ චරිත කියලා තේරුම් අරගෙන නැහැ. අපි නිරූපණය කළ චරිතවලින් තමයි සමහරු අපි ගැන හිතන්නේ. ඒක තේරුම් ගන්න බැරි අතළොස්සක් ඉන්නවා. අපිව ඉතින් කවුරු හරි පිළිගන්නේ නැත්නම් පිළිගන්න ප්‍රේක්ෂකයන්ට වැඩකරන්න වගේම පිළිනොගන්න පිරිසට තේරුම් කරවන විධියට වැඩකරන්නත් පුළුවන්.

ප්‍රේක්ෂකයෝ නිර්මාණ වැලඳගන්න විධිය එක්ක යම් යම් චරිත කරන්න දෙගිඩියාවක් ඔබට නැද්ද?
මම කරන වැඩ සම්බන්ධ සියලු වගකීම් මම භාරගන්නවා. මම සම්බන්ධ වෙන නිර්මාණවල අධ්‍යක්ෂවරුන්ව අවිශ්වාස කරන්න කරුණු මට නැහැ. මම මගෙන් ඉටුවිය යුතු කොටස හරියට කරන්න උත්සාහ කරනවා. රංගනයේ රැඳී ඉන්න ඕන තැනට යන්න මම ඔළුවෙන් කිසිම දෙයක් බාධාවක් කරගන්නේ නැහැ. මම ලැබෙන වැඩේට උපරිමය කරනවා. අපි හරි දේ කළොත් ප්‍රේක්ෂකයෝ කාලයක් ගිහින් හරි හරි දේ තේරුම් ගනියි.

තිලක්‍ෂිණි වෙන්වෙලා ඉන්නේ කලාත්මක නිර්මාණවලටද?
මට එහෙම තෝරාගන්න නිර්මාණ ලැබිලා නැහැ. මට හිතාගන්න බැරි අධ්‍යක්ෂවරුන්ගෙන් නිර්මාණවලට ආරාධනා ලැබුණා. මම මට ලැබුණ දේ මගේ දැනුම, අත්දැකීම් පාවිච්චි කරලා උපරිම හොඳින් කරන්න උත්සාහ කළේ. කොහොම වුණත් මම ආසා කරන අධ්‍යක්ෂවරු, නළු නිළියෝ එක්ක නිර්මාණවල වැඩකරන්න ලැබීමේ ප්‍රීතිය මම භුක්ති වින්දා.

තිලක්‍ෂිණිව වාණිජ නිර්මාණයකට ගළපාගන්න අදහසක් නැද්ද?
ඩිලංක රංගනාත්ගේ ‘ඩිංගා’ කියන චිත්‍රපටය කළා. ඒක ආවට පස්සේ ඒ වගේ නිර්මාණවලටත් මාව ගැළපෙනවාද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් වෙයි.

තිලක්‍ෂිණි වැඩ කරන්න කැමැත්තෙන් ඉන්න අධ්‍යක්ෂවරු ඉන්නවාද?
මම හීන දැක්ක අධ්‍යක්ෂවරු එක්ක මට වැඩ කරන්න ලැබුණා. මම ඒ අධ්‍යක්ෂවරුන් එක්කත් ආයේ ආයෙත් වැඩකරන්න කැමැතියි. මොකද ඔවුනුත් තව තවත් අත්දැකීම්වලින් දියුණු වෙනවනේ. අලුත්, පරණ ඕනම අධ්‍යක්ෂවරයෙක් නිර්මාණයට අවංක නම් නිර්මාණය වෙනුවෙන් පුළුවන් උපරිමය කරන්න උත්සාහ කරනවා නම් මම ඔහු එක්ක වැඩ කරන්න කැමැතියි.

වේදිකාව, පුංචි තිරය, සිනමාව කියන මාධ්‍ය තුනෙන් ඔබ වඩාත් කැමැති?
මට කකුල් දෙකක් තියෙන නිසා මම එක කකුලක් වේදිකාවෙත්, අනෙක් කකුල සිනමාවෙත් තියාගන්න කැමැතියි.

එතකොට පුංචි තිරය?
මම කූඹියෝ සහ තණමල්විල කොල්ලෙක් නිර්මාණවලින් මිනිසුන් අතරට ගියා. මම ඒ මාධ්‍යයේ රඟපාන විදිහ තාම හොයනවා. තවත් පුංචි තිරයේ නිර්මාණයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ මාධ්‍යයේ ඉගෙන ගන්න දේවල් එක්කත් බලමු ඒ මාධ්‍යයේ ඉන්න පුළුවන්ද කියලා.

අලුත් නිර්මාණවලටත් ආරාධනා ලැබුණද?
අලුත් සිනමා නිර්මාණ දෙකකට ආරාධනා ලැබුණා. කොරෝනා වයිරසය නිසා ඒ නිර්මාණවල වැඩකටයුතු ඇනහිටලා තියෙන්නේ.

Source: Mawbima
තිළිණි කෞශල්‍යා විජේසිංහ

No comments:

Post a Comment

Post Bottom Ad