Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad


Wednesday, April 22, 2020

ලංකාවට ඕනෑ දේ ලංකාවේම හදන්න අගමැති කාර්යය සාධක බලකායක් ස්ථාපිත කරයි


නව නිපැයුම් කියන්නේ නිදහසෙන් පස්සේ වැඩියෙන්ම කතා කළ මාතෘකාවක්. ඒත් රටක් විදිහට වැඩියෙන්ම අසාර්ථක වුන මාතෘකාවක්. නව නිපැයුම් කොච්චර තිබ්බත් ඒ කිසිවකට නිසි පිළිගැනීමක් හිමි නොවුනේ ඊට නිසි රාජ්‍ය අනුග‍්‍රහයක් නොලැබීම නිසායි.

විශේෂයෙන්ම පහුගිය පාලන සමයේදී පේටන්ට් බලපත‍්‍රයක් ලබා ගැනීම යනු විශාල අපහසු කාරණයක් වූ නිසාම බොහොමයක් නව නිපැයුම්කරුවන් දැඩි ලෙස අසරණ තත්ත්වයට පත්වූ බව නොරහසකි. සියල්ල මෙලෙස සිදුවන අතරතුරදී ලෝකයම කොරෝනා වසංගතයෙන් බියට පත්වීමත් සමග ඉන් මිදීමට දියුණුම රටවල් පවා මර්ගයන් සොයන්නට විය.

එහිදී රටට අව්‍යශ නව වෛද්‍ය උපකරණ ගෙන්වා ගැනීම වැනි කාරණා අපහසු වූයේ එම උපකරණ වලට ලොවපුරා ඇති වූ දැඩි ඉල්ලූම නිසාවෙනි. විශේෂයෙන්ම කොරෝනා ආසාදිතයින්ට අතිශයින් වැදගත් වන කෘතිම ස්වසන යන්ත‍්‍රව දැඩි අවශ්‍යතාවයක් මතුවිය.

මේත් එක්ක මෙතෙක් කල් සැගවී සිටි නව නිපැයුම්කරුවන් යලිත් කරලියට පැමිණියේ කිසිවෙකුට අදහාගත නොහැකි ආකාරයේ නව නිර්මාණ බිහිකරමිනුයි. විශේෂයෙන්ම කෘතිම ස්වසන යන්ත‍්‍ර ඉතාම අඩු මිලකට මෙරදීමට නිපදවීමට හැකියාව ඇති බව ඔවුන් ඔප්පුකර පෙන්වීය. එසේම දැඩිසත්කාර ඒකක වලට අවැසි ඇදන් පවා නිර්මාණයට පවා අපිට හැකියාව පවතින බව ඔප්පුකර පෙන්වීය.

මෙම නව නිර්මාණයක් බිහිවීමත් සමගම වහා කි‍්‍රයාත්මක වුන අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම නිර්මාණකාරුවන්ට අවශ්‍ය කරන සියලූම පහසුකම් ලබාදෙමින් එම උපකරණ ප‍්‍රතිකාර වලට යොදා ගැනීමට පියවර ගත්තේ කිසිදාක සිදුනොවූ නව පෙරලියක් කරමිනුයි.

එසේම එහි ඊලග පියවර වශයෙන් අග‍්‍රාමාත්‍යවරයා නව නිපැයුම් සදහවූ කාර්ය සාධන බලකායක් පිහිටවූ අතර එමගින් නව නිපැයුම්කරුවන් දිරිගන්වා දේශීය අර්ථිකයට විශාල ශක්තියක් වීමටත් එමගින් ලොව ශක්තිමක් දේශයක් වශයෙන් නැගී සිටීමට අවශ්‍ය අඩිතාලම දැමීමට සමත්විය.

මෙවැනි වැඩපිළිවෙලක් මගින් ඉදිරියේදී මෙරට තුල බිහිවන නව නිර්මාණ මගින් විදේශයන්ගෙන් ඇල්පෙනිත්ත පවා ගෙන්වන තත්ත්වයට වැටුණු රටක් ලෝකයටම නවීන තාක්ෂණික මෙවලම් සපයන රටක් බවට පත්වීමේ සිහිනය වැඩි ඈතක නොවන බව නම් ඒකාන්තයෙන්ම ස`දහන් කළ හැකිය.

No comments:

Post a Comment

Post Bottom Ad