Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Wednesday, April 22, 2020

පිළියන්දල කොරෝනා රෝගියාගේ සම්පූර්ණ ඇත්ත කතාව මෙන්න

පිළියන්දල ප්‍රදේශයෙන් කොරෝනා රෝගියකු වාර්තාවීමත් සමඟ ඔහු මාළු වෙළඳාමක් පවත්වාගෙන ගිය  පොල්ගස්ඕවිට වෑතර ප්‍රදේශයේ වෙළඳසැල ඇතුළු ස්ථාන එකොළහක් නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කිරීමට ඊයේ රාත්‍රියේම  පියවර ගත් බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දනුක පද්මරාජ  මහතා පැවසීය.

මෙසේ කොරෝනා රෝගියකු ලෙස වාර්තා වූයේ  පිළියන්දල  නිවුන්ගම ග්‍රාමෝදය මාවතේ පදිංචි (52) පුද්ගලයෙකු බව කියයි.

මොහු ඇඳිරි නීතිය පැනවීමත් සමග පොල්ගස්ඕවිට වෑතර කහතුඩුව සියබලාගොඩ පාලාගම දියකඩ ඇතුළු ප්‍රදේශ රැසක ඇඳිරි නීති බලපත්‍රයක් මගින් ජංගම කුඩා ලොරි රථයකින් මාළු වෙළදාම් කර ඇති බව  වාර්තාවේ.

මේ පිළිබඳව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කාර්යාලය මගින් කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිලධාරී කාර්යාලය දැනුවත් කිරීමත් සමඟ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් වහා ක්‍රියාත්මක වී මෙම පුද්ගලයා මාළු වෙළදාම් කළ ස්ථාන සොයා පරීක්ෂාවට ලක්  කරන ලදී .

ඒ අනුව  එදින රාත්‍රියේ දී ම  ස්ථාන  10  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සොයා ගත් අතර අදාළ රෝගියාගේ   වෙළඳසැල් ඇතුළු ස්ථාන  11 නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කිරීමට පියවර ගත් බව සඳහන්.

එසේම මෙම පුද්ගලයා තවත් විශාල පිරිසකට මාළු වෙළදාම් කර ඇති අතර එසේ මාළු ලබාගත් අයෙකු වෙතොත්  වහාම කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට දැනුම් දෙන ලෙස  ජනතාවගෙන් ඉල්ලා සිටි.

පන්නිපිටිය හසාන් පුෂ්පික
Source - මව්බිම

No comments:

Post a Comment

Post Bottom Ad