Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Wednesday, April 22, 2020

යලිත් පාර්ලිමේන්තු කුමන්ත‍්‍රණයක් මැතිවරණය ජූනි 02 පැන්න නිසා

Gotabaya GossipLanka News

පැවති පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය දැන් අවලංගු වී ඇති බව දෙමළ සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කරයි.

පසුගිය මාර්තු 02දා ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව එදින පාර්ලිමේන්තුව විසුරවූ පසු මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තු රැස්වීම කැඳවීමට නියමිතව තිබූ නමුත් දැන් එය කළ නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන නිසා එම ගැසට් නිවේදනය අවලංගු වන බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව පැවති පාර්ලිමේන්තුව යළි ක්‍රියාත්මක කළ හැකි බවත් ජනාධිපතිවරයා විසින් එය රැස් නොකළද පාර්ලිමේන්තුවට රැස් විය හැකි යැයි ද ඔහු පැවසීය.

මේ අතර මැතිවරණ කොමිසම විසින් මහමැතිවරණය ජුනි මස 20 වන දින පැවැත්වීමට ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට විරුද්ධව අධිකරණය වෙත යාමටත් සංවිධාන කිහිපයක් කටයුතු කරමින් සිටියි.

ජනාධිපතිවරයා විසින් ජුනි මස 02 වැනිදාට පෙර නව පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවට කරන ලද නියෝගය නොසලකමින් මැතිවරණ කොමිසම විසින් මෙම තීන්දු ගෙන ඇතැයි ඔවුන් චෝදනා කරයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක හිටපු ඇමති රවුෆ් හකීම් මහතා කියා සිටින්නේ ජූනි 02 වැනිදාට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම නියම කර ඇති නිසා පැවති පාර්ලිමේන්තුව යලි රැස් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad