එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සංවර්ධනය කළ හැකි "කොරෝනා වෛරසට එරෙහි එන්නතක්" හෙට දිනයේදී අත්හදා බැලීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව මෙම නව අත්හදා බැලීම පුද්ගලයින් 500ක් යොදාගෙන සිදු කිරීමට නියමිතයි.
මෙම එන්නත, ChAdOX1 ලෙස නම් කර තිබෙනවා.
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ එක් සාමාජිකයෙකු පැවසුවේ අත්හදා බැලීම සාර්ථක නම්, මේ වසරේ සරත් සමය වන විට එන්නත මිලියන ගණනකින් භාවිතයට ගත හැකි බවයි.
මෙම කටයුත්ත වෙනුවෙන් දායකත්වය දක්වනු ලබන්නේ මහාචාර්ය සාරා ගිල්බට් ප්‍රමුඛ කණ්ඩායමයි.
මෙම අත්හදා බැලීම සාර්ථක වුවහොත් එක්සත් රාජධානියේ මහා ජනයාට එය හැකි ඉක්මනින් ලබා දිය හැකි බවයි, විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මෙම පර්යේෂණය සිදුකළ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ හා Imperial College හි පර්යේෂකයින්ගේ අධ්‍යයන කටයුතු වෙනුවෙන් බ්‍රිතාන්‍ය රජය පවුම් මිලියන 44.5 ක මුදලක් පරිත්‍යාග කර ඇති බව ද සඳහන්.




No comments:
Post a Comment