මැයි මස 28 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමේ යෝජනාවට තමන් එකඟ නොවන බව මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් දන්වා තිබෙනවා.
ඒ, මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කරමින්.
මේ අතර, මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සහ දින නියම කිරීම සම්බන්ධයෙන් අද (20) පැවැත්වෙන මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාව පිළිබඳ එම කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය ද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
කල් තබා ඇති මැතිවරණය පැවැත්වීමේ දින වකවානු තීරණය කිරීමේ බලය මැතිවරණ කොමිසම සතු බවත්, පවත්නා තත්ත්වය හා ඊට අදාළ සියලූ කරුණු මෙන්ම සෑම විකල්ප කි‍්‍රයාමාර්ගයන් ම මැතිවරණ කොමිසම විසින් සාකච්ඡාවට ගන්නා බවත් එහි දක්වා තිබෙනවා.
එමෙන්ම, කොරෝනා වෛරසයේ බලපෑම හා එහි පාලනය පිළිබඳව මෙන්ම රාජ්‍ය යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කිරීම පිළිබඳව ද අදාළ ක්ෂේත‍්‍රවල ප‍්‍රවීණයන්ගේ මෙන්ම නිසි බලය සහිත රාජ්‍ය නිලධාරීන්ගේ අදහස් ද කොමිසම විසින් විමසා බලන බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කර තිබෙනවා.
එමගින් වඩාත් සුදුසු තීරණය ගැනීමට මැතිවරණ කොමිසමට හැකි වනු ඇතැයි අපේක්ෂිත බව ද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය තැබූ ෆේස්බුක් සටහනේ දැක්වෙනවා.
Source: Neth
No comments:
Post a Comment