Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Monday, April 20, 2020

කොරෝනා නිසා වැසුනු යුරෝපීය රටවල් කිහිපයක් නැවතත් විවෘත වේ

නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය ක‍්‍රමයෙන් අඩු වෙමින් පවතින යුරෝපීය රටවල් කිහිපයක් සිය නිරෝධායන නීති සහ සීමා ලිහිල් කර තිබෙනවා. ඒ අනුව ජර්මනියේ කුඩා වෙළඳසැල් විවෘත කිරීමට අද දිනයේ අවසර ලබා දුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අවසන් වසරේ විභාගයන් සඳහා සූදානම් වන ළමුන් සඳහා පාසල් විවෘත කිරීමට ද ජර්මානු රජය තීරණය කර තිබෙනවා. පෝලන්තයේ උද්‍යාන සහ වනාන්තර පරිශ‍්‍ර මහජනතාවට නැරඹීම සඳහා අද දිනයේ යළි විවෘත කෙරුණු බවයි වාර්තා වන්නේ.

නෝර්වේ රාජ්‍යයේ පෙර පාසල් අධ්‍යාපන කටයුතු ද ආරම්භ කෙරුණා. චෙක් ජනරජයේ එළිමහන් වෙළඳසැල් විවෘත කිරීමට අද අවසර හිිමි වූයේ ද කොරෝනා ව්‍යාප්තිය අවම වීම හේතුවෙන්.

ඇල්බේනියාවේ පතල් සහ තෙල් කර්මාන්ත අද සිට යළි ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත්, කොරෝනා වෛරසයේ සීඝ‍්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ස්පාඤ්ඤය, ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍යය තවදුරටත් නිරෝධායන නීති දැඩි කර තිබෙනවා.
මේ වනවිට ලොව පුරා වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන විසි හතර ලක්ෂ 23,504 ක්. ලොව පුරා වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන එක්ලක්ෂ 66,045 ක් වනවා.

Source: Neth

No comments:

Post a Comment

Post Bottom Ad