Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad


Friday, April 24, 2020

චිම්පන්සියගෙන් ලබා ගත් වෛරසයකින් නිපැදවෙන කොරෝනා ප්‍රතිකාරය


බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් විසින් කොවිඩ් - 19 වෛරසය සඳහා ප්‍රතිකාරයක් සොයා ගැනීම සඳහා වන එන්නතක් අත්හදා බැලීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අනුව එම එන්නතේ පළමු මිනිස් අත්හදා බැලීම ඊයේ ආරම්භ කළ බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.

එන්නතේ අත්හදා බැලීම් ආරම්භ කරනු ලැබුවත් කොවිඩ් -19 හෙවත් කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාරයක් සොයා ගැනීම ප්‍රමාද වේය යන උපකල්පනය මත ලබන වසර දක්වා මේ වන විට පනවා ඇති සමාජ දුරස්ථභාවය පවත්වා ගත යුතු බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි Chris Whitty කියා සිටියේ “ඉදිරි දින දර්ශනයේ ඕනෑම වේලාවක එන්නතක් හෝ ප්‍රතිකාරයක් ලබා ගැනීමේ සම්භාවිතාව ඉතා අල්ප ”බවයි.

මානව එන්නත අත්හදා බැලීම ඔක්ස්ෆර්ඩ් සරසවියේ ජෙනර් ආයතනයේ විද්‍යාඥයින් විසින් සිදුකරනු ලබයි.

ඔක්ස්ෆර්ඩ් සරසවියේ එන්නත් විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් වන සාරා ගිල්බට් ටයිම්ස් ඔෆ් ලන්ඩන් පුවත්පතට පැවසුවේ තම කණ්ඩායම විසින් නිපදවන එන්නත සාර්ථක වනු ඇතැයි තමාන්ට 80% ක් විශ්වාස බවයි. සැප්තැම්බර් මාසය වන විට එන්නත් මිලියනයක් පමණ සූදානම් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ChAdOx1 nCoV-19 ලෙස හැඳින්වෙන මෙය චිම්පන්සියන් ගෙන් ලබාගත් හානියකින් තොරවූ වෛරසයකින් සකස් කරන බවයි CNN පුවත් සේවය වාර්තා කර ඇත්තේ. ChAdOx1 nCoV-19 ලෙස හැඳින්වෙන අතර මෙය ජානමය වශයෙන් වෙනස් කර ඇති චිම්පන්සියන්ගෙන් ලබා ගත් ඇඩිනෝ වෛරසයෙන් මෙම අත්හදා බැලීම සිදුකර ඇත.

"ChAdOx1 වෛරසයෙන් සාදන ලද එන්නත් 320 කට වැඩි පිරිසකට මේ දක්වා ලබා දී ඇති අතර ඒවා උෂ්ණත්වය, හිසරදය හෝ අතෙහි වේදනාවන් වැනි තාවකාලික අතුරු ආබාධ ඇති කළ හැකි වුවද ඒවා ආරක්ෂිත සහ හොඳින් ක්‍රියා කරන බවයි ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කලේ.

No comments:

Post a Comment

Post Bottom Ad