Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Thursday, April 23, 2020

ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකාවේ බොරතෙල් බැරලයක මිල ඍණ අගයකට

oil price gossiplanka

ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකා එක්සත් ජනපදයේ බොරතෙල් බැරලයක මිල ඍණ අගයකට පත්ව තිබේ.

මේ වන විට ඉන්ධන සඳහා ඉල්ලූ‍ම අඩු වුවද දිගින් දිගටම බොර තෙල් නිෂ්පාදනය සිදු කිරීම මීට හේතුවයි. මේ නිසා දිගින් දිගටම ඉන්ධන මිල පහල යමින් පවතී. රටවල් වසා දැමීමේ ක‍්‍රියාමාර්ග හේතුවෙන් ඉන්ධන සඳහා ඇති ඉල්ලූ‍ම ශීඝ‍්‍රයෙන් පහළ ගොස් ඇත. මේ නිසා ඉන්ධන භාවිතය සිදුවන්නේ ඉතා සෙමිනි.

මේ වන විට දැවැන්ත ඉන්ධන ගබඩා සංකීර්ණ පවා පිරී පවතී. මේ නිසා ඉන්ධන සඳහා තවත් නව ගබඩා නොමැති තත්වයක්ද ඇතිවී තිබේ.

මේ නිසා බොර තෙල් තෙල් නිෂ්පාදන සමාගම්වලට සිදුව ඇත්තේ තෙල් මිලදී ගන්නැයි ඉල්ලමින් මිලදී ගන්නන්ට මුදල් ගෙවන්නටය. මෙය බොරතල් බැරලයක මිල ඍණ අගයකට පත්වීමයි.

කොරෝනා අර්බුදය තවත් දික් ගැස්සෙන්නේ නම් මේ අර්බුදය තවත් දරුණු වනු ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ බොරතෙල් මිල ගණන් පහල යාම නිසා දැවැන්ත තෙල් සමාගම් බංකොලොත්භාවයට පත්වෙමින් තිබේ.

මේ අතර මැදපෙරදිග රටවල අනාගතයද ඉන්ධන මිල පහල යාමත් සමග දැඩි අවදානමකට පත්ව තිබේ. එම රටවල පෙර පැවති විශාල ආදායම්වලට සරිලන අධික වියදම් දරන්නට අනාගතයේදී නොහැකි වනු ඇති අතර එම නිසා මැදපෙරදිග රටවල ජීවත් වන ලක්ෂ ගණනක් ශ‍්‍රමිකයන්ට රැුකියා අහිමි වීමේ අවදානමක්ද පවතී. එසේම ශ‍්‍රීලංකාවට ඔවුන්ගෙන් මෙතෙක් ලැබුණු විදේශ විනිමය අහිමිවී යාමේ දැඩි අවදානමක්ද පවතී.

ජනිත සෙනෙවිරත්න
Source - දිවයින

No comments:

Post a Comment

Post Bottom Ad