පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මෙම මස 27 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කොට ඇත.
රාජ්‍ය මුදල් අවභාවිතය හා 2019 වසරේ ජනාධිපතිවරණ දිනයේදී අවතැන්වූ පිරිසක් ලංගම බස්රථ මගින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රැගෙන ඒම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් හට චෝදනා එල්ල වී තිබෙනවා.
ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් අනවශ්‍ය බවට අධිකරණය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් පොලීසියට උපදෙස් ලබා දුන්නා. ඒ අනුවයි හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායම් 06 ක් විසින් විමර්ශන ආරම්භ කරනු ලැබුවා.
දින 06ක කාලයක් සැඟව සිටි මන්ත්‍රීවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අළුයම දෙහිව ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා
No comments:
Post a Comment