සිය ජීවිත කථාව පාදක කරගනිමින් නිර්මාණය කෙරෙන 800 නැමති දෙමළ චිත්රපටියේ රගපෑමෙන් ඉවත්වන ලෙස සුපිරි ක්රිකට් ක්රීඩක මුත්තයියා මුරලිදරන් තමිල්නාඩු රංගන ශීල්පි විජෙයි සේතුපතිගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් මුත්තයියා මුරලිදරන් සඳහන් කර ඇත්තේ මෙම චිත්රපටියේ රඟපෑම නිසා එල්ල වන බලපෑම් හේතුවෙන් ඔහුගේ ඉදිරි රංගන ජීවිතයට බාධා ඇති විය හැකි බැවින් තමන් මෙම ඉල්ලීම සිදුකරන බවයි.
විජෙයි සේතුපති මෙම චිත්රපටයේ මුත්තයියා මුරලිදරන්ගේ චරිතය රඟදැක්වීමට සූදානම් වන හෙයින් දකුණු ඉන්දීය කළාකරුවන් මෙන්ම දේශපාලනඥයින් පිරිසක් ඊට විරෝධය පළ කර තිබුණා.
ක්රීඩාවේ මෙන්ම පෞද්ගලික ජීවිතයේ ද බාධක රැසක් ජයගත් තමන් මෙම චිත්රපටයෙන් අනාගත පරපුරට මෙන්ම යොවුන් ක්රිකට් ක්රීඩකයන්ට ඵලදායීතාවක් ඇතිවන හෙයින් එය චිත්රපටයක් ලෙස නිර්මාණය කිරීමට එකඟ වූ බවයි සිය නිවේදනයෙන් මුත්තයියා මුරලිදරන් පෙන්වා දී ඇත්තේ.
No comments:
Post a Comment