Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad


Tuesday, October 20, 2020

මධූෂ්ට වෙඩි වැදුනු මෙහෙයුමේ සම්පූර්ණ විස්තරය



මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධූෂ් අද (20) අලුයම සිදු වූ වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්විය.

තවත් අපරාධ කල්ලි සමාජිකයින් පිරිසක් සහ පොලීසිය අතර මාලිගාවත්ත නිවාස සංකිර්ණය අසල සිදුවු වෙඩි හුවමාරුවකදි ඔහු ජීවිතක්ෂයට පත් වූ බව පොලීසිය සඳහන් කළේය.

මෙරට මනුෂ්‍ය ඝාතන සහ තවත් අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබූ සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත හෙවත් ‘මාකඳුරේ මධූෂ්‘ කලක සිට විදෙස් ගතව සැඟව සිටියේය.

2019 වසරේ පෙබරවාරි මාසයේ දී ඩුබායි හි පැවති සාදයක් අතරතුර මත්ද්‍රව්‍ය චෝදනා යටතේ මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිසක් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගැණුනු අතර පසුව ඩුබායි හි සිට පිටුවහල් කෙරුණු මාකඳුරේ මධුෂ් 2019 මැයි මස 05 වනදා මෙරටට පැමිණියේය.

එම අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපළේ රැඳී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මාකඳුරේ මධුෂ්ව අත්අඩංගුවට ගත්තේය.

දිර්ඝ කාලීනව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කළ මාකඳුරේ මධූෂ්, පසුගිය 16වැනි දා කොළඹ අපරාධ කොට්ඨාසය භාරයට පත්කෙරුණි.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසු කොටිකාවත්ත ප්‍රදේශයේ ගරාජයක සඟවා තිබූ රුපියල් කෝටි 10 කට අධික හෙරොයින් කිලෝග්‍රෑම් 10 ක් සොයාගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පසුගිය 17 වැනිදා සමත් විය.

එලෙස තවත් මත්ද්‍රව්‍ය තොගයක් සඟවා ඇති බවට මාකඳුරේ මධූෂ් කොළඹ අපරාධ කොට්ඨාසයට තවත් තොරතුරක් ලබා දී තිබුණි.

එම මත්ද්‍රව්‍ය සඟවා ඇත්තේ මාලිගාවත්ත ‘ලක්සෙත සෙවණ‘ නිවාස සංකිර්ණයේ 10 වන මහලේ කංජිපානි ඉම්රාන්ට අයත් නිවසක බව එහිදී මධුෂ් පවසා ඇත.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා සහ එහි සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ද ඇතුළු නිලධාරීන් 17 දෙනෙකු අද අලුයම තුනට පමණ මාලිගාවත්ත නිවාස සංකිර්ණය අසලට ගොස් ඇත්තේ මාකඳුරේ මධූෂ්වත් රැගෙනය.

එහිදී මධූෂ් සමග නිලධාරින් 7 දෙනෙකු පියගැටපෙළ භාවිත කරමින් නිවාස සංකීර්ණයේ පළමු මහලට පිවිසෙනවාත් සමගම දෙවැනි මහලේ ගිනි අවි දෙකක් අතැතිව රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් නිලධාරීන් දෙසට වෙඩි තබා තිබේ.

ඉන් එක් වෙඩි පහරක් මාකඳුරේ මධූෂ්ගේ හිසට එල්ල වී ඇති අතර එහි සිටි තවත් පොලිස් නිලධාරීයෙකුගේ පාදයකට ද වෙඩි ප්‍රහාර එල්ල වී තිබුණි.

එම අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ද සැකකරුවන්ට ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර එම අවස්ථාවේ දී සැකකරුවන් දෙදෙනාත් වෙඩි තබමින් ඔවුන් එහි පැමිණි යතුරු පැදියෙන් ම පළායාමට තැත් කර තිබේ.

එම අවස්ථාවේ දී පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකිව සැකකරුවන් දෙදෙනා බිම ඇඳ වැටී තිබේ.

එහිදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් එම ස්ථානයට යෑමට උත්සහ කරද්දී සැකකරුවන් දෙදෙනා පොලීසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

අත්බෝම්බ ප්‍රහාරයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ පාදයකට තුවාල සිදුවිය.

එම අවස්ථාවේ දී සැකකරුවන් දෙදෙනා යතුරු පැදියද අතහැර පළා ගොස් තිබුණු බව පොලිසිය සඳහන් කළේය.

පළාගිය සැකකරුවන් දෙදෙනා සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර වෙඩි වැදුණු මාකඳුරේ මධූෂ්ව අලුයම 3.17ට පමණ කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගිය බවත් රෝහල් ගත කිරීමෙන් පසු ඔහු මියගිය බවත් පොලීසිය සඳහන් කළේය.

පසුව මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ 10 වන මහලේ සිදුකළ සෝදිසියේ දී එහි එක් නිවසක සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 22 ක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිවිය.

පසුව අද පෙරවරුවේ එහි පැමිණි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිරංජලා ද සිල්වා මහත්මිය එහි මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළේය.

මියගිය පුද්ගලයාගේ විවාහක බිරිඳ විසින් මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ දී මෘත ශරීරය හඳුනා ගෙන තිබේ.

මාකඳුරේ මධූෂ්ගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට භාරදෙන ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නියෝග කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad